අපරාධ වැරදි සඳහා වැරදිකරුවන් වූ පුද්ගලයින්ට මහජන නියෝජිතයින් ලෙස පෙනී සිටීමට ඉඩ ලබා දීම මත්ද්‍රව්‍ය අර්බුදයටත් වඩා ප්‍රමුඛතාවයේ පවතින ගැටලුවක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ගාල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ පිළිබඳව අදහස් පල කළේය.
මෙහිදී මාධ්‍ය වේදියෙක් විසින් “සාමාන්‍යයෙන් රුධිර සාම්පල වාර්තාවක් ලබා ගන්නවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියලා? “ යනුවෙන් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.
එවිට පිළිතුරු වශයෙන් කියා සිටියේ, මෙය බොළඳ තර්කයක් වන බවත්, එලෙස මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට නීතියෙන් වරදක් නම් ලංකාවේ කිසිම පුද්ගලයෙකුට මත්පැන් පානය කළ නොහැකි බවත්ය.
රෑට පානය කර නැවත උදෑසන පැමිණෙන බවත් පැවසු දේශප්‍රිය මහතා,මත්ද්‍රව්‍ය ලංකාවේ ඇති පළමු ප්‍රශ්නය නොවන බවත් කියා සිටියේය.
අපරාධ වැරදිවලට වැරදිකරුවන් වුවන්ට මහජන නියෝජිතයින් ලෙස පෙනී සිටීමට ඉඩ දීම වැනි තවත් බොහෝ වැරදි සිදුවන බව ද පැවසු දේශප්‍රිය මහතා, තමා කිසිසේත් මත්ද්‍රව්‍යවලට පක්ෂ කෙනෙක් නොවන බවත්, ඉස්සර දුම්වැටි පාවිච්චි කර දැන් එය ද නවත්වා දමා සිටින බව ද පැවසීය.
මත්ද්‍රව්‍ය නොගැනීම හොඳයි කියනවා මිසක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයා මරා දැමිය යුතු යැයි කියන තර්කයේ තමා නොමැති බව ද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
No comments:
Post a Comment