ඥානසාර හිමිගෙන් රවී ඉල්ලීමක් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 21, 2019

ඥානසාර හිමිගෙන් රවී ඉල්ලීමක් කරයි

ඥානසාර හිමිගෙන් රවී ඉල්ලීමක් කරයි

රටේ ඒකියභාවය ආරක්ෂා කිරීම සඳහා නායකත්වය ගෙන කටයුතු කරන්නැයි රවී කරුණානායක මහතා, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගෙන් ඉල්ලීමක් කරයි.

අසනීපව වැලිකඩ බණ්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ඥානසාර හිමියන්ගේ සුවදක් සොයා බැලීමට ඊයේ (21) පෙරවරුවේ වැලිකඩ බණ්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

අතීතයේ දී පවා රාජ්‍ය පාලනය වෙනුවෙන් සඟ පරපුරේ උපදෙස්, අනුශාසනා සහ ආශිර්වාදය ලබාගත් බවත්, එල්ල වී ඇති චෝදනාවලින් නිදහස්ව පැමිණි පසු, රටේ භෞමික අඛණ්ඩතාවය, ඒකීයභාවය, සුරක්ෂිතතාවය සුරැකීම සහ බෞද්ධාගමේ තිර ජීවනය උදෙසා නායකත්වය ගෙන කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත. 

මෙම අවස්ථාවට සංහිඳියා සහ ජාතික සංවාද අමාත්‍ය මනෝගනේෂන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

මෙහිදී ඥානසාර හිමියන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනය කළ අමාත්‍යවරුන්, අතීතයේදී යම් යම් පිරිස් වෙතින් සිදුවූ වැරදි අමතක කොට, රට ජාතිය වෙනුවෙන්  ඔවුන්ට සමාව ලබාදී, රටේ දියුණුවට අවශ්‍ය සංහිඳියාව ගොඩනැඟීම සඳහා සිංහල බෞද්ධ නායකයෙක් වශයෙන් නායකත්වයක් ලබාදෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ.

තමන් විසින් නොකළ වැරදි, චෝදනා පත්‍රයකට ඇතුළත් කර, ඒවා අධිකරණය හමුවේ ඔප්පු කර, තමන්ව අසාධාරණ ලෙස සිරගත කිරීමට කටයුතු යෙදුණ බව පැවසූ ඥානසාර හිමියන්, එදා අධිකරණ ශාලාව තුළ මහේස්ත්‍රාත්වරයා සහ තමන් වහන්සේ අතර ඇතිවු කතාබහ ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලය තුළ සැරිසරන බවත්, එය නරඹා සත්‍ය තේරුම් ගතහැකි බවත් අමාත්‍යවරුන්ට පැහැදිළි කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad