එජාපය සමග ජාතික ආණ්ඩු නෑ,එජනිස මහ ලේකම් මහින්ද අමරවීර - විගස පුවත් - Vigasapuwath

Thursday, March 28, 2019

එජාපය සමග ජාතික ආණ්ඩු නෑ,එජනිස මහ ලේකම් මහින්ද අමරවීර

Loading...
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර යළිත් කිසිදු ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා ඊයේ (27දා* පැවසීය. 
ආණ්ඩු පක්‍ෂයේ ඇමතිවරයකු ජාතික ආණ්ඩුවක් ගැන මාධ්‍යයේ සඳහන් කළද ඒ පිළිබඳව මෙතෙක් කිසිදු සාකච්ඡුාවක් පවත්වා නැති බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප‍්‍රකාශයක් බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඇමතිකම් දුන්නද එයින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමක් සිදු නොවන බවත් මේ මොහොතේ ජාතික ආණ්ඩු සෑදීමේ කිසිදු අවශ්‍යතාවක් ශී‍්‍රලනිපයට නොමැති බවත් පැවසූ මහ ලේකම්වරයා ජාතික ආණ්ඩුවක් සාදන්නේ නම් ඒ පිළිබඳව මුලින්ම දැනගන්නේ තමන් බවත් කීය. එම නිසා ජාතික ආණ්ඩු කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බවද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
අරුණ බෝගහවත්ත 
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *