මහනුවර ප‍්‍රසිද්ධ පාසලක් ළග කුඩු බෙදන මධ්‍යස්ථානයක් වටලයි ,සිසුන්ට කුඩු විකුණද්දි ජාවාරම්කරුවෙක් දැලේ - විගස පුවත් - Vigasapuwath

Thursday, March 28, 2019

මහනුවර ප‍්‍රසිද්ධ පාසලක් ළග කුඩු බෙදන මධ්‍යස්ථානයක් වටලයි ,සිසුන්ට කුඩු විකුණද්දි ජාවාරම්කරුවෙක් දැලේ

Loading...
මහනුවර අම්පිටිය ප‍්‍රදේශයේ ප‍්‍රධාන විද්‍යාලයක් අසල මහා පරිමාණයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පාසල් දරුවන් සඳහා මත්ද්‍රව්‍ය තොග අලෙවි කරමින් සිටි අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගැනීමට මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්ත මහනුවර දිසා දූෂණ මර්ධන අංශයට හැකිවිය. 
මත්පෙති සහ මෙරට අලෙවි කිරීම සඳහා නීතිමය අවසරය නොමැති ඖෂධ තොගයක්ද ගබ්සා පෙති ලිංගික උත්තේජන අධි වේදනා නාශක සහ රට අලෙවි කිරීමට නීතිමය අවසරය නොමැති මත්ද්‍රව්‍ය තොගයක් දිසා දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ස්ථානයෙන් පුද්ගලයෙකු විසින් මත්පෙති එකසිය අසූවක් මිලදී ගෙන යළි එම පෙති අලෙවි කිරීම සඳහා ඔහු කටයුතු කරමින් සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට තිබේ.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඞී රණවීර මහතාගේ උපදෙස් මත මහනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර පොලිස් අධිකාරී නිමල් ධර්මප‍්‍රිය දිසා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදු කළ අතර වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.
සමන්තී වීරසේකර
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *