ලිංගික බලපෑම් කරමින් නවක වධ දුන් යාපනය සරසවි ජ්‍යෙෂ්ඨයන්ට පංති තහනම්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 16, 2019

ලිංගික බලපෑම් කරමින් නවක වධ දුන් යාපනය සරසවි ජ්‍යෙෂ්ඨයන්ට පංති තහනම්.

Loading...
යාපනය විශ්වවිද්‍යාලයේ නවක සිසුවියන්ට ලිංගික බලපෑම් කරමින් නවක වධය දුන් ජ්‍යෙෂ්ඨ සිසුන් සියලූ‍ දෙනාගේම පන්ති තහනම් කොට තිබේ.

 නවක සිසුවියන්ට අශීලාචාර අන්දමට නවක වදය දුන් බව කියන තුන්වන වසර හා දෙවන වසර සියලූ‍ම සිසුන්ගේ පන්ති තහනම් කොට ඇත්තේ මේ සිද්ධිය පිළිබ`දව පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු යැයි යාපනය විශ්වවිද්‍යාලයේ රෙජිස්ට‍්‍රාර්වරයා පැවසීය.

 උපකුලපතිවරයා විසින් ගන්නා ලද තීරණයට අනුව එම ජ්‍යෙෂ්ඨ සිසුන්ට යාපනය විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට ද දැනුම් දී තිබේ.

 ඒ අනුව ලබන 22 දා සිට ආරම්භ වන කිස`ිදු දේශනයකට සහභාගී වීමට හෝ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල ඇති දේ රැුගෙන යෑමට හෝ කිස`ිදු අවශ්‍යතාවයක් මත විශ්වවිද්‍යාල භූමියට ඇතුළු අදාළ වීම ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනම් වෙයි.

 නවක සිසුවියන්ට බලහත්කාරායෙන් නවක වධය දෙමින් ඔවුන් විවිධ  ලිංගික ක‍්‍රියාකාරකම්වලට යෙදවූ බවට නවක සිසුවියන්ගෙන් පැමිණිලි ලැබී ඇති අතර එම සිද්ධීන් ජංගම දුරකථනයක ආධාරයෙන් වීඩියෝ කළ පළමු වසරේ සිසුන් පිරිසකට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහර දීමක් ද සිදුකොට තිබේ.

 යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවූ එම සිද්ධීන් දෙකම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් උපකුලපතිවරයාගේ නියමයෙන් ආරම්භ වී ඇති අතර සිද්ධිවලට මුහුණ දුන් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීම ද ආරම්භ කොට තිබේ.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad