අවුරුදු සමය තුළ නීත්‍යනුකූල නොවන අන්දමින් බස් ගාස්තු වැඩියෙන් අය කළ හොත් ඔවුන්ගේ මාර්ග බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
ජනතාව විකුණමින් බඩගෝස්තරය රැක ගැනීමට තමන් ඉඩ නොතබන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එවැනි සිදුවීමක් වුවහොත් 1955 යන දුරකථන මාර්ගය ඔස්සේ දැනුම් දිය හැකි බව රණතුංග මහතා සඳහන් කරයි.
මේ අතර උත්සව සමය වෙනුවෙන් 22 වැනි දින දක්වා දුම්රිය වාර 65ක් වැඩියෙන් එක්කර ඇති අතර එය සියලුම ප්‍රධාන දුම්රිය මාර්ග සඳහා එක්කර තිබේ. ගමනාගමන මණ්ඩලය පාර්ශවයෙන් අතිරේක බස් රථ 1500ක් යෙදවීමට තීරණය කර ඇත.
විශේෂයෙන් මහරගම සහ මාකුඹුර බස් නැවතුම්පොළවල්හි දුර ගමන් සේවා යෙදවීමටද කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.
No comments:
Post a Comment