මධුෂ්ගෙන් ප්‍රශ්න කරන්න පොලිස් කණ්ඩයමක් ඩුබායි යති - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 7, 2019

මධුෂ්ගෙන් ප්‍රශ්න කරන්න පොලිස් කණ්ඩයමක් ඩුබායි යති

මධුෂ්ගෙන් ප්‍රශ්න කරන්න පොලිස් කණ්ඩයමක් ඩුබායි යති
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් දිවයිනට පිටුවහල් නොකළ හොත් ඩුබායි රාජ්‍යට ගොස් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය තීරණය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, මේ වන විටත් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මධුෂ් දිවයිනට පිටුවහල් කරන්නැයි ඩුබායි රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
 
මේ අතර ඩුබායි අත්අඩංගුවෙන් මුදා හැර මෙරටට පිටුවහල් කළ මධුෂ් සමග සිටි සියලු පුද්ගලයින්ට එරෙහිව පවතින චෝදනා පිළිබඳ පූර්ණ අධ්‍යනයක් කිරීමට ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ පොලිස් විමර්ශන කමිටුව තීරණය කර තිබේ.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව පසුගිය දා රැස්වී ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණි බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.
 
මධුෂ් සමග අත්අඩංගුවට ගත් පිරිසෙන් 13 දෙනෙකු මේ වන විට දිවයිනට පිටුවහල් කර තිබේ.
 
අදාළ පිරිසට යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ඒ පිළිබඳව කමිටුවට දැනුම් දෙන්නැයි, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට දැනුම්දී තිබේ.
 
පොලීසිය පැවසුවේ, මෙම පුද්ගලයින් මීට පෙර නීතිවිරෝධී ක්‍රියාවල නිරතවී ඇතැයි ද යන්න ආරක්ෂක අංශ මගින් විමර්ශනය කිරීමට ද එම කමිටුව තීරණය කර ඇති බවයි.
 
මධුෂ් සමග අත්අඩංගුවේ සිටි පාතාල කල්ලි සමාජික කංජිපානි ඉම්රාන්ගෙන් රඳවා තබා ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති අතර ඩුබායි සිට මෙරටට පිටුවහල් කෙරුණු රංගන ශිල්පි රයන් වෑන් රෝයන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad