පරාක්‍රමබාහු රජ දවසේත් බදු අය කළ බව අගමැති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 7, 2019

පරාක්‍රමබාහු රජ දවසේත් බදු අය කළ බව අගමැති කියයි

පරාක්‍රමබාහු රජ දවසේත් බදු අය කළ බව අගමැති කියයි

අතීතයේ පරාක්‍රමබාංහු රජ දවසේදීත් ජනතාවට බදු පනවා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඊයේ (07) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“දෙවියන්ට පුද පූජා පැවැත්වීමේ සිරිත මිහිදු මහරහතන් වහන්සේගේ පැමිණීමත් සමග ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ ගමේ පන්සලට පුද පූජා පැවැත්වීම දක්වා වෙනස් වුණා. අතීතයේ ඒ ආකාරයට ශිෂ්ඨාචාරය පමණක් නොව ආර්ථිකයත් හැඩ ගැසුණා. ඒ හරහා විශාල ලෙස ආදායම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ඒ වගේම ඒ කාලයේ ජනතාවගෙන් බදු එකතු කිරීමත් සිදු කළා. ඒ හරහාත් විශාල ලෙස ලාභ ලැබුවා. වර්තමානයේ බදු පණවන විට ආණ්ඩුවට චෝදනා කිරීමට පෙර අතීතයේ රජ දවස පරාක්‍රමබාහු රජතුමාත්  බදු පැනවූ බව සිහිපත් කර ගත යුතුයි.”

No comments:

Post a Comment

Post Bottom Ad