මහින්ද කෝච්චියෙන් බෙලිඅත්තට යයි - මග දෙපස ජනතාවගෙන් උණුසුම් පිලි ගැනීමක් (PHOTOS) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 10, 2019

මහින්ද කෝච්චියෙන් බෙලිඅත්තට යයි - මග දෙපස ජනතාවගෙන් උණුසුම් පිලි ගැනීමක් (PHOTOS)

මහින්ද කෝච්චියෙන් බෙලිඅත්තට යයි - මග දෙපස ජනතාවගෙන් උණුසුම් පිලි ගැනීමක් (PHOTOS)

චීන රජයේ ණය ආධාර යටතේ අලුතින් ඉදි කළ මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය පසුගිය අටවනදා (08) විවෘත කෙරිමෙන් පසු විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) දින මාතර සිට  බෙලිඅත්ත දක්වා ගමන්කිරීම සිදුවිය .

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාතර දුරිය ස්ථානයට පැමිණෙන අවස්ථාවේ ඔහුව පිලි ගැනීම සදහා උත්සවයක්ද සංවිධානය කර තිබු අතර ඔහු ගමන්ගත් දුම්රියෙන් ගමන් කිරීම සදහා විශාල පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ  ඒ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා 'පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ,කාංචන විජේසේකර,මහින්ද යාපා අබේවර්ධන,ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පියල් නිශාන්ත, නිරෝෂන් ප්‍රේමරත්න,ජෝන්ස්ටන් ප්‍රනාන්දු  ,බස්නාහිර පලාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර,දකුණු පලාත් සභා හිටපු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, බිංදු වීරසිංහ, අරුණ ගුණරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගි  වී සිටියහ .

දුම්රියේ 02 වන පංතියේ මැදිරියක අසුන් ගනිමින්  මහින්ද රාජපක්ෂ මහතා දැකබල ගැනීම ට මෙන්ම ආචාර කිරීම සදහා විශාල ජනතාවක් මාතර සිට බෙලිඅත්ත දක්වා ඇති පිලදුව,වෙහරහේන,කැකණදුර,බඹරැන්ද,වැව්රුකන්නල යන සෑම දුම්රිය ස්ථානයකම මෙන්ම  මග දෙපස රැදී සිටි අතර මහිද රාජ පක්ෂ මහතා එම ජනතාවට   ජනතාවට ආචාර කරමින් බෙලිඅත්ත දක්වා ගමන් කළේය.

පසුව බෙලිඅත්තට දුම්රිය පැමිණෙමින් පසු එහි රැදී සිටි විශාල ජනතාවක්  විපක්ෂ නායක  මහින්ද රාජපක්ෂ මහතා පිලි  ගැනීමට එක්ව සිටි ආකාරය දැකගන්නට ලැබුණි.

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට)

No comments:

Post a Comment

Post Bottom Ad