"ගෝඨාභය නෙවෙයි දැන් ජනපති අපේක්ෂකයා ශිරන්ති" - ලාල් කාන්ත - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 7, 2019

"ගෝඨාභය නෙවෙයි දැන් ජනපති අපේක්ෂකයා ශිරන්ති" - ලාල් කාන්ත

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් අපේක්ෂකත්වයට වැඩි ඉඩක් ඇත්තේ ශිරන්ති රාජපක්ෂට බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවසුවේය.

ලාල් කාන්තා මහතා මේ බව සඳහන් කළේ 48 වැනි අප්‍රේල් විරු සමරුවේදීය.

යම් කතා බහකට ලක්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ හොත් එය මහින්ද රාජපක්ෂගේ දේශපාලන අවසානය වන බව ඔහු කියාසිටියේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"ගෝඨාභය රාජපක්ෂ ගැන දැන් කතා බහක් තියෙනවා. මහින්ද රාජපක්ෂව ඉවර කරගන්න ඕන නම් මහින්ද ගෝඨාව ගේන්න ඕනේ. දැන් මේ දෙපාරක් ගෝඨාභය රාජපක්ෂ උඩට ආවා. උඩට ඇවිල්ලා මොකද වුණේ ආපහු බැස්සා. මීට සති දෙකකට කලින් උඩට ගියා ආපහු බැස්සා. දෙපාරම බැස්සුවේ කවුද මහින්ද රාජපක්ෂ. දැන් අභියෝගයක් තියෙනවා. මහින්දට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නත් බැහැ. මිනිහා මාර අවුලක පැටලිලා ඉන්නේ. ජනාධිපති අපේක්ෂකයා කරනවා නම් නිශ්චිත කරලා එහෙම වුණොත් මහින්දට උත්තර දෙකක් තියෙනවා. එක උත්තරයක් මම කලින් ඒ ගැන කියලා විහිලුවට ලක්වෙලා ඉන්නේ. ඒ තමයි ශිරන්ති රාජපක්ෂ. ගෝඨා දැම්මොත් මහින්ද ඉවරයි. දේශපාලනයේ කේන්ද්‍රය බවට ගෝඨා පත්වෙනවා. මහින්දත් ඉවරයි. නාමලුත් ඉවරයි.ඒකයි දැන් මේ තියෙන අභියෝගය. ගෝඨාව උස්සනවා.පොළවේ ගහනවා. අන්තිමට උගේ කොන්ද කැඩිලා බැරිවෙනවා."

මේ අතර රනිල් බලාගෙන සිටින්නේ ගෝඨාව අපේක්ෂකත්වයට ඉදිරිපත් කරන තුරු යැයි ලාල් කාන්තා මහතා ප්‍රකාශ කළේය. එවිට ගෝඨාභය රාජපක්ෂව කලු කළ හැකි බව හෙතෙම පැවසීය.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාව හිමි නොවන අතර තත්ත්වයන් විශ්ලේෂණය කිරීමේදී ශිරන්ති රාජපක්ෂට වැඩි ඉඩක් පවතින බවයි ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad