චමල්ගේ තැන සම්බන්ධන්ට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 5, 2019

චමල්ගේ තැන සම්බන්ධන්ට

චමල්ගේ තැන සම්බන්ධන්ට

පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් මහතා පත්කිරීමට ඊයේ දින රැස්වීමේ දි නිර්දේශ කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (05) පස්වරුවේ කථානායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.

අප්‍රේල් මස 03 දින තමා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව පාර්ලිමේන්තුව වෙත කැඳවා පවත්වන ලද සාකච්ඡාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක කරු ජයසුරිය මහතා විසින්  දැනුම් දෙන ලද අතර, ජාතික පොලිස් කොමිසන් සභාව, එහි සභාපති කේ.ඩබ්ලිව්.ඒකනායක කරල්ලියද්ද මහතා  ඇතුළුව පූර්ණ සමාජික්ත්වය සහිතව  විධිමත් ලෙස  ක්‍රියාත්මක වන බව ද  වැඩිදුරටත් දැනුම් දෙනු ලැබීය.

එමෙන්ම, හානිපුර්ණය සඳහා වන  කාර්යාලය  ධාරා විජේතිලක මහත්මිය ගේ සභාපතිත්වයෙන් යුක්තව පූර්ණ සමාජිකත්වය සහිතව විධිමත්ව  ක්‍රියාත්මක විම ආරම්භ කොට ඇති බවත්, තමා විසින් එහි  සභාපතිනිය ඇතුළු සාමාජිකයන් පාර්ලිමේන්තු වෙත කැදවා සාකච්ඡා කරන ලද බවත්, කථානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම් දෙන ලදි.

2019 අප්‍රේයල් මස නිමා වීමට ප්‍රතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව  යලි රැස්විමට නියමිත අතර,එහිදී පුරප්පාඩු විමට නියමිත  අගවිනිසුරු ධූරය සහ විගණාකාධිපති ධූරයට  අදාළ නාමයන් නිර්දේශ කිරිම පිළිබඳව  අවධානය යොමු කෙරෙනු ඇත.
 

No comments:

Post a Comment

Post Bottom Ad