මහාචාර්ය සරත් විජේසුරිය මහතාට අභියාචනාධිකරණය සිතාසි නිකුත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 27, 2019

මහාචාර්ය සරත් විජේසුරිය මහතාට අභියාචනාධිකරණය සිතාසි නිකුත් කරයි


අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ ගණනාවක් නිකුත් කර ඇති බව පවසමින් ඉදිපත් කරන ලද පැමිණිල්ලකට අනුව ජුනි මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් මහාචාර්ය සරත් විජේසුරිය මහතා වෙත සිතාසි නිකුත් කර තිබෙනවා.

නීතිඥවරයෙකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත අල්විස් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි  සිතාසි කිරීම සිදු කළේ.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ වගඋත්තරකාර සරත් විජේසූරිය මහතා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙන්ම  අවස්ථා ගණනාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ ගණනාවක් නිකුත් කර ඇති බවයි.

ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔහුගෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිලිකරු අදාළ පැමිණිල්ල තූළින් අභියාචනාධිකරණයේන් ඉල්ලා  තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad