සහරාන්ගේ ගෝලයෙකු නිදහස් කිරීමට අල්ලස් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 8, 2019

සහරාන්ගේ ගෝලයෙකු නිදහස් කිරීමට අල්ලස් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අබ්දුල් මොහොමඩ් නියාස් නැමැත්තා නිදහස් කිරීමට හොරොව්පතාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ 50000ක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය සෙනසුරාදා අබ්දුල් මොහොමඩ් නියාස් නැමැත්තා අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. සැකකරු ලබන 14 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර එහිදී ඇප ලබාදීමට විරුද්ධත්වයක් ප්‍රකාශ නොකරන ලෙස ඉල්ලා මෙම අල්ලස ලබාදීමට උත්සාහ කර තිබේ.

අද පෙරවරුවේ අල්ලස් ලබැදීමට පැමිණ ඇති 26 හැවිරිදි මුක්කරවැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් හොරොව්පතාන පොලීසිය තුළදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කාරණය ඉටුකර දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාදෙන බවත් ඉන් අඩක් අද දිනයේ ලබාදෙන බවත් සැකකරු ප්‍රකාශ කර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad