හේමසිරි ප්‍රනාන්දු හා පුජිත් ජයසුන්දරට සිතාසි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 7, 2019

හේමසිරි ප්‍රනාන්දු හා පුජිත් ජයසුන්දරට සිතාසි

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට අපොහොසත්වීම තුළින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්  මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇතැයි චෝදනා කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම ලබන 21ක් වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස එහි වග උත්තරකාරුවන් ලෙස නම් කර සිටින  පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු වෙත නොතීසිය යැවීමට  පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරයාට නියම කළේය.
ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්මීන් ගෙන් සමන්විත ව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad