පුපුරණ ද්‍රව්‍ය තොගයක් කලාවැව, ධාතුසේනපුර දියවර ගම්මානයේදී අත්අඩංගුවට - Video - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 7, 2019

පුපුරණ ද්‍රව්‍ය තොගයක් කලාවැව, ධාතුසේනපුර දියවර ගම්මානයේදී අත්අඩංගුවට - Video

ඩෙටනේටර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු කලාවැව, ධාතුසේනපුර දියවර ගම්මානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉපලෝගම පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලාවැව, විජිතපුර ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ව්‍යාපාරිකයෙක්.

ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයක තිබී ජෙලට් නයිට් කූරූ 243 ක්, වෙඩි බෙහෙත් කිලෝග‍්‍රෑම් දොලහමාරක්, ඩෙටනේටර් 145 ක් සහ ඇමෝනියා නයිට්රේට් කිලෝග‍්‍රෑම් 36 කට වැඩි ප‍්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා. සැකකරු කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (07) ඉදිරිපත් කිරීමට නියමිතයි.


No comments:

Post a Comment

Post Bottom Ad