දෙහිවල ගුවන් පාලම අසළ වෙළඳසැළක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු එහි සිටි ව්‍යාපාරිකයා ඝාතනය කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 24, 2019

දෙහිවල ගුවන් පාලම අසළ වෙළඳසැළක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු එහි සිටි ව්‍යාපාරිකයා ඝාතනය කරයි


දෙහිවල ගුවන් පාලමේ සිය කොළඹ දෙසට වන්නට ගාලුපාරේ දකුණු පසින් පිහිටි ජයලංකා ට්‍රේඩර්ස් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයෙකු  එහි හිමිකරුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කර  ඝාතනය කර තිබෙනවා.

පොලිසීය සඳහන් කළේ තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කරන විටද මියගොස් ඇති බවයි.

වෙළඳසැලේ හිමිකරු වන අබ්දුල් අසීස් නමැති මුස්ලිම් ජාතිකයා වෙළඳසැළ තුළ සිටියදී අදාල සැකකරු වෙළඳසැලේ දොර කඩා වෙළෙඳසැල ඇතුලට පැමිණ එහි තිබු මුදල් සොරකම් කිරිමට තැත් කර ඇති අතර එය වැලැක්වීමට ගිය අවස්ථාවේදි සැකකරු විසින් වෙළඳසැල් හිමියාට පිහියකින් පහර දී පලාගොස් තිබෙනවා.

 මියගිය පුද්ගලයා නැදිමාල, එබ්‍රහීම් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි නැමැති තිදරු පියෙකු වන අතර, පළාගිය සැකකරු සොයා දෙහිවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad