ව්‍යාජ වාලම්පුරි අලෙවි කර මුදල් වංචා කිරීමේ චෝදනාව මත කීර්ති දිසානායක නමැත්තාට එරෙහිව පවරා තිබූ නඩුවකින් එහි පැමිණිලි පාර්ශ්වය ජය ගෙන තිබෙනවා.
ඔහුට එරෙහිව මෙලෙස කාන්තාවක් විසින් මිරිහාන පොලීසියට පැමිණිලි කර තිබුණේ ‘‘නමෝ නාරායනාය’’ මධ්‍යස්ථානයෙන් රුපියල් 80,000ක් වටිනා බව පවසූ වාලම්පුරියක් මිලදී ගත් බවටයි.
ඒ අනුව පොලීසිය විසින් ‘‘නමෝ නාරායනාය’’ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කීර්ති දිසානායකට එරෙහිව ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා.
අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාරිය අධිකරණයට දැනුම් දී ඇත්තේ ව්‍යාජ වාලම්පුරිය නැවත ලබා ගෙන තමන්ට මුදල් ලබා දෙන ලෙසයි. ඒ අනුව ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී කීර්ති දිසානායක විසින් පැමිණිලිකාරියට රුපියල් 80,000ක මුදලක් ලබා දී තිබෙනවා.
No comments:
Post a Comment