ඡන්ද පත්‍රිකාවට "No Comment" ලෙස නව තීරුවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 17, 2019

ඡන්ද පත්‍රිකාවට "No Comment" ලෙස නව තීරුවක්


ඡන්ද පත්‍රිකාවට 'කිසිවෙකුත් නැත' ("No Comment") යන   නව තීරුවක් ඇතුළත් කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇති බව ඊයේ (17)  කළ විමසීමකදී අතිරේක මැතිවරණ කොමසාරිස් ශෂික පිරිස් මහතා සඳහන් කළා.


 මෙහිදී යම් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරිමේදී ඔහු කැමති අපේක්ෂකයෙකු නොමැති අවස්ථාවක එම තීරුව භාවිතයට ගැනීමට හැකියාව පවතින බවත් හෙතෙම සඳහන් කර සිටියා.

සමාජ ජාල සහ විවිධ පුද්ගලයින්ගෙන් ලැබුණු ඉල්ලීම් මත මෙම තීරුව ඡන්ද පත්‍රිකාවේ ඇතුළත් කිරීමට අවධානය යොමු කළ බවත් මේ පිළිබඳව පසුගියදා පක්ෂ ලේකම්වරුන් සමඟ පැවති සාකච්ඡාවේදී ඔවුන් දැනුම්වත් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අතිරේක මැතිවරණ කොමසාරිස් ශෂික පීරිස් මහතා සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad