ජනපති වෙන්න එන්න උගතුන් කරුගෙන් ඉල්ලයි,ශ‍්‍රීලනිප බහුතරයක් 11 දා පොහොට්ටු වේදිකාවට. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 21, 2019

ජනපති වෙන්න එන්න උගතුන් කරුගෙන් ඉල්ලයි,ශ‍්‍රීලනිප බහුතරයක් 11 දා පොහොට්ටු වේදිකාවට.

Loading...
සාකච්ඡුා කරන්නට සහ කතාබහ කරන්නට අපේ රටේ ප‍්‍රශ්න කොතෙකුත් තිබුණත් පසුගිය සතියේත් අපේ දේශපාලන කරළිය තුළ ප‍්‍රධානම මාතෘකාව බවට පත්වූයේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ඒ ඒ පක්ෂවල ජනාධිපති අපේක්ෂකයා කවුද යන කාරණාවයි. ජනාධිපතිවරණය නිසි කලට පැවැත්වේද නැද්ද යන ප‍්‍රශ්නය ද පසුගිය දිනවල සාකච්ඡුාවට බඳුන් විය. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද සහිත රාජපක්ෂ කඳවුරු ද සිටින පොදු සන්ධානයක පොදු අපේක්ෂකකම වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට නොලැබුණහොත් ඔහු ජනාධිපතිවරණයක් වෙනුවට වෙනත් මැතිවරණයක් ඉදිරියට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවට කතාවක් ද පසුගිය දිනවල පැතිර ගියේය. එසේ වුවහොත් ජනාධිපතිවරයාට තවත් ලෝකාපවාදයක වගකීම භාර ගන්නට සිදුවන බැවින් කවුරු කෙසේ උපදෙස් දුන්නත් ජනාධිපතිවරයා එය නොකළ යුතු බවට ද අදහස් පළ විය. අවසානයේ ජනාධිපතිවරණය නිසි කලට වෙලාවට පැවැත්විය යුතුයි යන කාරණාව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද ඉදිරිපත් වන්නට විය. ඒ නිසා ජනාධිපති අපේක්ෂකත්වය යන කාරණාව සෑම දේශපාලන පක්ෂයකම උණුසුම් මාතෘකාව බවට පත්විය. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර සාකච්ඡුාවන්හි ද මහා පොදු සාධකය බවට පත්ව තිබුණේ ඊළඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වයයි. අපේක්ෂකත්වය කිසිවිටෙකත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නොදෙන බවත් ඒ සඳහා මහින්ද රාජපක්ෂ නිසි අපේක්ෂකයා තෝරනු ඇති බවත් එකහෙළාම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෝ නිතර නිතර කියන්නට වූහ. පොදු ජනතාව ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂගේ නම යෝජනා කරද්දී පවා මහින්ද පාර්ශ්වයෙන් දක්නට ලැබුණේ නිහඬ පිළිවෙතක් 

අනුගමනය කරමින් නුදුරේදී ඒ බැව් ප‍්‍රකාශ කරන බවට නිකුත් කෙරුණු පූර්ව නිවේදන පමණි. අවසාන වශයෙන් මහින්ද රාජපක්ෂ පවා කීවේ ලබන අගෝස්තු මස 11 වෙනිදා ඒ අපේක්ෂකයා කවුද යන වග රට හමුවේ හෙළිදරව් කෙරෙනු ඇති බවය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවත්සර උත්සවය එදින සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් ව පවත්වා උච්චතම අවස්ථාවේදී එම නම ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව නෙළුම් මාවත පැත්තෙන් අසන්නට ලැබිණි. එබැවින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනයට පිටින් සිටි අපේක්ෂකයන්ට මිස අභ්‍යන්තර කිසිවෙකුටත් ඒ පිළිබඳව ගැටලූවක් වූයේ නැත.

සජිත් ගැන කතා කරන්න 
වේදිකාවට ආ අමුත්තා...

එහෙත් ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ පැන නැගී තිබෙන මතගැටුම් ඉතාමත් උණුසුම් විය. විජේතුංග ජනාධිපතිවරයාගෙන් පසුව දිගින් දිගටම පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂය අතීතයේ ඉගෙනගත් පාඩම් මත එම වරද නැවත කරන්නට කල්පනා කළේ නැත. මෙවර නොවරදවාම එක්සත් ජාතික පක්ෂයේම අපේක්ෂකයෙක් ඒ සඳහා ඉදිරිපත් කළ යුතු බව ඔවුන්ගේ ඒකායන ප‍්‍රාර්ථනය වූහ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක තෝරාගැනීම වූයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාසය. ඒ හා සමානවම වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ අපේක්ෂකයා විය යුතු බව කියන සැලකිය යුතු කණ්ඩායමක් ද එජාපයේ සිටියහ. පක්ෂයකට සම්බන්ධ පරිණත දේශපාලනඥයින් හා සිංහල බෞද්ධකම අගයන දේශපාලනඥයින් මෙම අවස්ථාව වත්මන් කථානායක කරු ජයසූරියට හිමිවිය යුතු බව යෝජනා කළහ. ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වූ මේ තුන්කොන් අරගලයේ ප‍්‍රශ්නය මතු වූයේ අගමැති රනිල් සමඟ ඉතාමත් කුළුපගව කටයුතු කළ දේශපාලනඥයින් වන මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම වැනි අය ද සජිත්ගේ පැත්තට සහයෝගය දෙමින් කතා කරන්නට පටන් ගැනීම ය. මේ දෙදෙනා ප‍්‍රමුඛ එජාපයේ ප‍්‍රබල දේශපාලනඥයෝ කණ්ඩායමක්ම සජිත් පෙරමුණට ගැනීම වෙනුවෙන් තර්ක විතර්ක හා හේතු කාරණා ඉදිරිපත් කරමින් ප‍්‍රබලව මැදිහත්ව කතා කිරීමට පටන් ගැනීම නිසා දේශපාලන කරළියේ උණුසුම් ප‍්‍රශ්න ගණනාවක් ම නිර්මාණය විය. අවසානයේ මෙය සජිත් පාර්ශ්වයත් රනිල් පාර්ශ්වයත් අතර පක්ෂ අභ්‍යන්තරයේ සීතල යුද්ධයක් බවට පත්ව තිබෙන අයුරු පසුගිය සතියේ අපට දැකගත හැකි විය.

මේ අතරතුර පසුගිය දිනක සජිත් වෙනුවෙන් කතා කරන්නට දේශපාලන කරළියට අමුත්තෙකු පැමිණ සිටියේය. මේ අමුත්තාගේ ක‍්‍රියාකලාපය තුළින් ද දේශපාලන කරළියට අලූත් අත්දැකීමක් ලැබුණු බව නිසැකය. අමුත්තා අන් කවරකුවත් නොව, සජිත්ගේ බිරිඳ වන ජලනි පේ‍්‍රමදාස ය. ඇය පසුගිය දිනක එක්තරා උත්සවයකට පැමිණ ප‍්‍රසිද්ධියේ කරන ලද කතාවක් දේශපාලන කරළියේ මහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් විය. 

පසුගිය 13 වැනිදා එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ කාන්තා සංවිධානයක් වන ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු සම්මේලනය හැටන් නගරයේ ඞී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේදී පැවැත්වුණේ ජලනි පේ‍්‍රමදාස මහත්මියගේ ප‍්‍රධානත්වයෙනි... වතුකරයේ තරුණ තරුණියන්ගෙන් ඇයට එහිදී ලොකු පිළිගැනීමක් ලැබී තිබිණි. එයින් ඉමහත් උද්දාමයට පත් ජලනි රැස්ව සිටි ජනතාව අමතා විශේෂ කතාවක් කරනු ලැබුවාය. පසුගිය සතියේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ‘‘ආර්යාව’’ නමැති මාතෘකාව ඇගේ කටින් එළියට පැන්නේ එම කතාවේ දී ය. 

ඇය වරදක් කළේ නැත... ඇය කීවේ... ‘‘මා අද ඔබ හමුවේ මෙසේ කතා කරන්නේ ඔබ ආදරය කරන ඔබේ සදාදරණීය නායකයාගේ ආර්යාව ලෙස’’ බවය. එහෙත් මේ ‘‘ආර්යාව’’ කියන වචනයට ඇය නොදන්නා දේශපාලන අර්ථයක් හා ඒ හා බැඳුණු ඉතිහාසයක් තිබිණි. ඇගේ එම කතාවට පසුගිය සතියේ අපේ දේශපාලන කරළියේ අනවශ්‍ය ප‍්‍රචාරයක් ලැබී තිබුණේ එම අර්ථය නිසාය. 

තිනියාවල හිමියන්ගෙන් 
ඇමැති මංගලට අභියෝග... 

මේ අතර සජිත් හොඳයි කියන පාර්ශ්වය සමඟත් රනිල් හොඳයි කියන පාර්ශවය සමගත් සමාජයේ පවතින සීතල යුද්ධය පසුගිය සතියේ තරමක් උණුසුම් ලෙස කරළියට පැමිණියේය. එක් පිරිසක් සජිත් හොඳයි කියන මංගලලාට බණින්න පටන් ගත් අතර තවත් පිරිසක් සජිත්ට නිතර ප‍්‍රහාරාත්මකව විවේචන සපයන රවී කරුණානායක ලා පතුරු ගසන්නට පටන් ගත්හ. මේ රැවුම් ගෙරවුම් ගැටුම් අතරේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ඉතාමත්ම කුළුපග මිතුරකු හා හිතෛෂියකු වන තිනියාවල පාලිත ස්වාමීන් වහන්සේ මංගල සමරවීර සම්බන්ධයෙන් අති දරුණු විවේචනයක් එල්ල කරන්නට පටන් ගත්තේය. උන්වහන්සේ එය සිදුකරනු ලැබුවේ වත්මන් යහපාලන ආණ්ඩුවේ ආර්ථික හා මූල්‍ය පරිපාලකයාව කටයුතු කරන මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ වංචා ¥ෂණ හොර මැරකම් හා අකටයුතුකම් ගැන කරන මහා විශාල හෙළිදරව්වක් ලෙසය. පුවත්පත් සාකච්ඡුාවක් පවත්වමින් විස්තරාත්මක තොරතුරු ඇතුළත් පත‍්‍රිකා ද ලබා දෙමින් උන්වහන්සේ මාධ්‍ය ඉදිරියේ කරනු ලැබූ මේ හෙළිදරව්ව මහත් උණුසුමින් රටේ පැතිර යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.

මංගල සමරවීර මහතා සහ ඔහුගේ සහායකයින් පසුගිය කාලයේ රාජ්‍ය ගනුදෙනුවල නිරතවෙමින් මුදල් හම්බ කළ ආකාරය, වාහන ලබාගත් ආකාරය, එංගලන්තයේ ගෙවල් 6ක් මිලදී ගත් ආකාරය හෙළිදරව් කරමින් උන්වහන්සේ අනතුරු ඇඟවූයේ මේ ඉදිරිපත් කළේ ඉතාමත්ම සොච්චමක් පමණක් බවය. මීට වඩා සාක්ෂි සහිත තවත් බොහෝමයක් විස්තර ඉදිරියේදී හෙළිදරව් කරන්නට තමන් වහන්සේ කටයුතු කරන බව උන්වහන්සේ රට හමුවේ ප‍්‍රකාශ කර සිටියහ.

මේ අයුරින් තිනියාවල පාලිත හිමියෝ ඉදිරිපත් කරන ලද තොරතුරුවලින් සාන්තුවරයින් ලෙස දේශපාලනයේ හැසිරෙන හා කතා කරන ඇතැම් ශුද්ධවන්තයන්ගේ කිල්ලෝටවලත් යම් යම් ප‍්‍රමාණවලින් හුණු ඇති බව තහවුරු වෙතැයි කියා සමාජයේ කතාවක් පැතිර ගියේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන අගමැති රනිල් වික‍්‍රමසිංහගේ හිතවතා, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාසගේ නම යෝජනා කරන පාර්ශවයේ ප‍්‍රබලයෙකුට මේ ආකාරයට ප‍්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේ ඇයි.... මේ කාරණාව පසුගිය සතියේ දේශපාලන කරළියේ ඉතා බරපතල ලෙස සාකච්ඡුා වන්නට පටන් ගත්තේය. මේ ඇදී යන්නේ පාලිත හිමි හා ඇමැති මංගල අතර ප‍්‍රශ්නයක් නොව, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් නායකයා හා නියෝජ්‍ය නායකයා අතර තිබෙන සීතල යුද්ධයේ තවත් එක් ක‍්‍රියාන්විතයක් පමණක් බව සාකච්ඡුාවට බඳුන් විය.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂගේ නම ප‍්‍රසිද්ධ කරන මෙන් ඉල්ලමින් විවිධ සමාජ සංවිධාන හා සමාජ බලවේග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවන්නට පසුගිය සතියේත් වැල නොකැඞී පැමිණියහ. මේ අය අතර තිස් අවුරුදු යුද්ධයේ ක‍්‍රියාකාරී ලෙස කටයුතු කරමින් යුද්ධය සමඟ සජීවීව සිටි රණවිරුවන්ගේ සංවිධානයක් පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ හමුවන්නට පැමිණි ප‍්‍රබල ඉල්ලීමක් කර සිටියේ මේ රටේ රණවිරු පරපුරේ අයෙක් රාජ්‍ය නායකයා කරන ලෙස ය. ඔවුන් කෙළින්ම ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ නම ප‍්‍රසිද්ධ කරන ලෙසයි. එහෙත් මහින්ද එහි දී ඉතාමත්ම ඉවසීමෙන් ඔවුන් සමග කතා බහ කළේය. ඒ නම වැඩි කලක් යන්නට පෙර තමන් විසින් ප‍්‍රසිද්ධියට පත් කරන බව මහින්ද එහිදී ඔවුන්ට ද පොරොන්දුවක් දුන්නේය...

ශ‍්‍රීලනිප බහුතරයක් 11 දා 
පොහොට්ටු වේදිකාවට...

මේ අතරතුර අගෝස්තු 11 වැනි දා කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ පවත්වන්නට යෙදෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවත්සර උත්සවය ගැන ද පසුගිය සතියේ ලොකු සූදානමක් තිබිණි. බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සංවත්සර උත්සවය සම්බන්ධයෙන් වූ සියලූ කටයුතු සංවිධානය වෙමින් තිබිණි. මේ සඳහා ඔහු සමග දේශපාලනඥයන්ද නිලධාරීන් ද විශාල පිරිසක් නෙළුම් මාවත කාර්යාලයේත් ඉන් පිටතත් යම් යම් ස්ථානවල නිරතුරුව රැස්වෙමින් කතාබහ කරමින් සාකච්ඡුා කරමින් සංවිධාන කටයුතු සූදානම් කරමින් සිටියහ. 

පසුගිය සතියේත් එහි ඉතා වැදගත් තීරණාත්මක සාකච්ඡුා කීපයක් බැසිල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදිනි. අපේක්ෂකයා කවුදැයි හඳුන්වා දීම පමණක් නොව, අපේක්ෂකයා වටා ගොනු වන සංවිධානයේ ව්‍යුහය, එහි ව්‍යවස්ථාව, සෑම දිස්ත‍්‍රික්කයක්ම ආවරණය වන පරිදි රැස්වීම් පවත්වන ආකාරය, ප‍්‍රචාරක වැඩ කටයුතු ආදී සියල්ලක්ම ක‍්‍රමානුකූලව පිළියෙල කර සකස් කර අවසන්ව තිබිණි. ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ සූදානම් කර තිබූ ක‍්‍රියාන්විතය ගැන පැහැදීමක් හා ලොකු විශ්වාසයක් මහින්ද රාජපක්ෂ තුළත් අනෙකුත් දේශපාලනඥයන් තුළත් ඒ වන වනවිටත් ගොඩනැඟී තිබිණි. සියල්ලෝම ඒ අනුව පසු වූයේ ලොකු විශ්වාසයක ය.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද පසුගිය දිනවල නිතර නිතර රැස් වී සාකච්ඡුා කරනු ලැබුවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් ගැනය. අනාගතය සම්බන්ධයෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා ද පිරිස එක්ව කරන ලද සාකච්ඡුාවේ ප‍්‍රගතියක් තිබුණේ නැත. එහෙත් එම කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක් පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ හමුවී වෙන වෙනම ඉතාමත් රහසිගතව සාකච්ඡුා කර තිබිණි. මෙම සාකච්ඡුා සංවිධානය කරනු ලැබුවේ 16 දෙනාගේ කණ්ඩායමේ ප‍්‍රබලයින් දෙදෙනෙකි. 

මේ ප‍්‍රබලයින් දෙදෙනා පසුගිය සතියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග කරන ලද සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙස 11 වනදා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවත්සර උත්සවයේදී ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා නම් කළ පසුව ඔහුට සහාය දීම සඳහා වේදිකාවට ගොඩ වීමට ද නියමිත ව ඇත. ඒ හා සමගාමීව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනකු එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වීමටත් පස්දෙනකු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග එක්ව තවදුරටත් කටයුතු කිරීමටත් ඉතිරි කණ්ඩායම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සමග ඉදිරි ගමන යන්නට සූදානම්ව සිටින බවත් හෙළිදරව් විය. සාකච්ඡුා ඉතාමත්ම රහසිගතව කණ්ඩායම් වශයෙන් හා තනි තනි පුද්ගලයන් වශයෙන් මුණගැසීමෙන් පසුගිය කාලය මුළුල්ලේම සිදු වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා හෙළිදරව් විය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පසුගිය සඳුදා ගාල්ල ශ‍්‍රී පාල බෝධිරාජ විවේක සේනාසන විහාරයේ ආගමික උත්සවයකට සහභාගි වූයේය. රමේෂ්, මොහාන් ද සිල්වා, දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මෙන්ම නිශාන්ත මුතුහෙට්ටිගම ද එම ස්ථානයට පැමිණ සිටියහ.

මේ අතර ගාල්ල දිස්ත‍්‍රික් විද්වතුන්ගේ සංසදයේ දහවන සංවත්සරය නිමිත්තෙන් තවත් උත්සවයක් ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ පැවැත්වෙමින් තිබිණි. මෙය වියත්මග සංවිධානයේ රැස්වීමක් ලෙස එම අවස්ථාවේ සංවිධානය වී තිබුණු අතර ඒ සඳහා දේශන පවත්වන්නට ආචාර්ය නාලක ගොඩහේවා සහ මොහාන් සමරනායක පැමිණ සිටියහ. විපක්ෂ නායකවරයාට ද මෙහි දේශනයක් කරන්නට ආරාධනා කර තිබිණි. විහාරස්ථානවල උත්සවවලට සහභාගි වීම නිසා මහින්ද රාජපක්ෂ එතනට ආවේ තරමක් ප‍්‍රමාද වීය.

උත්සවයේ න්‍යාය පත‍්‍රයට අනුව තිබූ දේශනවලට පසුව තවත් සුහද හමුවක් හා රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් ගාල්ල දඩල්ල ප‍්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබුණු අතර විපක්ෂ නායකවරයාට ද ඒ සඳහා ආරාධනා කර තිබිණි. හෝටලය තිබුණේ ප‍්‍රසිද්ධ ලයිට් හවුස් හෝටලයට යාබදවය. එය මනරම් තැනක් විය. මහින්ද රාජපක්ෂගේ ද සිත් ගත් ස්ථානයකි. හෝටලය මැද මිදුලකින් සමන්විත වූ අතර ප‍්‍රිය සම්භාෂණය සූදානම් කර තිබුණේ එම මැද මිදුලෙහි ය. වියත්මග රැස්වීම් සඳහා සහභාගි වූ උගතුන්ට ප‍්‍රභූන්ට හා ගාල්ලේ ප‍්‍රකට ව්‍යාපාරිකයින්ට මෙම ප‍්‍රිය සම්භාෂණ සඳහා ආරාධනය කර තිබූ බැවින් හිටපු ජනාධිපතිවරයාටත් ඔවුන්ටත් මෙය රටේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ඉතා කුළුපගව අදහස් හුවමාරු කරගන්නට කදිම අවස්ථාවක් විය. 

රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරු මහාචාර්යවරු ඇතුළු වෛද්‍යවරු පිරිසක් ද එම අවස්ථාවේ මෙම කතාබහට එක් ව සිටියහ... ඔවුන් සියලූ දෙනාගේම දුක්ගැනවිල්ල වූයේ රට, ආර්ථිකය, සෞඛ්‍ය ක්ෂේත‍්‍රය, මූල්‍ය ක්ෂේත‍්‍රය ආදිය පසුගිය වසර කිහිපය තුළ ලබා ඇති පරිහානියයි... විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු හා වෛද්‍යවරුන් රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය මේ කාලයේ පිරිහීමට ලක්ව ඇති ආකාරය හිටපු ජනාධිපතිවරයාට විස්තර කර දුන්නේය. 

මේ අතර මහින්ද රාජපක්ෂ පැරණි හිතවතකු සමග කතා කළේය... මෙම රාත‍්‍රී භෝජන සංග‍්‍රහය හා ප‍්‍රිය සම්භාෂණය සූදානම් කිරීමට මුල් වූයේ මහේන්ද්‍ර විජේසේකර නම් ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකි. මහේන්ද්‍රව මහින්ද රාජපක්ෂ දැන හඳුනාගෙන තිබුණේ පොළොන්නරුවේ දී මෛත‍්‍රීපාල සිරිසේන නම් දේශපාලනඥයාට උදව් උපකාර කරන ඔහුගේ පැරණි හිතවතෙකු ලෙස ය. එහෙත් මෙවර ඔහු සම්පූර්ණයෙන්ම ඔවුන් පිළිබඳව කලකිරීමෙන් කතා කරන ආකාරය දැකගත හැකි විය...

‘ආර්ථිකය ඉවරයි... රට එන්න එන්නම ආගාධෙට යනවා... දැන් මේ රටට ඕන මේ රට ගොඩගන්න පුළුවන් නායකයෙක්... මහේන්ද්‍ර කීවේය.

‘මෙයා ඉස්සර ඉඳලම පක්ෂයට ලැදි කෙනෙක්... පොළොන්නරු ගිහින් මාස ගණන් නැවතිලා තමන්ගේ ධනය විශාල වශයෙන් වියදම් කරගෙන මේ ගොල්ලෝ ඉස්සර තමන්ගේ මිත‍්‍රයෝ ගොඩගන්න කැපවෙලා වැඩ කරපු හැටි මට මතකයි....’ මහින්ද කීවේය. 

‘කලකිරෙන්න එපා.... අපි එකතුවෙලා වැඩ කරල මේ රට ගොඩ ගන්න බලමු... කියමින් මහින්ද තම මිතුරන්ව අස්වසමින් කතා කළේය... ඉතා හොඳ ප‍්‍රියසම්භාෂණ කතාබහක් හමාර කර මහින්ද රාත‍්‍රී භෝජනයෙන් පසුව යළිත් තංගල්ලේ කාල්ටන් නිවස බලා යන්නට පිටත් වුණේ හෙට පෝය දිනයේ තිබෙන කප්පරක් වැඩ රාජකාරි ගැන ද මතක් කරමිනි....

පවුලම මෛත‍්‍රි සරණ ගියත් 
මහින්ද සමග සිටි ප‍්‍රසන්න...

poli2පසුගිය බදාදා ප‍්‍රසන්න තලවතුගොඩදී මාධ්‍යවේදීන් පිරිසක් සඳහා සුහද හමුවක් සංවිධාන කර තිබුණේය. සවස 7ට පමණ ආරම්භ වූ සාදය දේශපාලන සංවාදයෙන් මෙන්ම රස මසවුලෙන් ද පිරී තිබුණු නිසා පැය හතරක පමණ කාලයක් ඇදී ගියේ කාටත් නොදැනීය. වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම අනාගත දේශපාලන කරුණු ද මෙහිදී සාකච්ඡුාවට ලක්විය. 

සාකච්ඡුාව යන අතරතුර එක් මාධ්‍යවේදියකු ප‍්‍රසන්නගෙන් ඇසුවේ ”ඔබතුමාගේ ඥාතීන්, හිතවතුන් සියලූදෙනාම ජනාධිපතිවරණයට පෙර හා පසුව මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාට සහය පළ කළා. ඔබතුමා මොකද මහින්ද මහත්තයා ළඟ නතර වෙන්න තීරණය කළේ? කියාය.

”මම මහින්ද මහත්තයා ළඟ නතර වුණේ හේතු කාරණා ඇතුවයි. මටත් ඉල්ලීම් ගණනාවක් ආවා. ජනාධිපතිවරණයෙන් පස්සේ වගේම 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පස්සෙත් මට ඉල්ලීම් ආවා ආණ්ඩුවට එක්වෙන්න කියලා. සමහර ඉල්ලීම් ආවේ ප‍්‍රතික්ෂේප කරන්න බැරි මට්ටමින්. ඒත් මම මුල ඉඳලම තීන්දුවක් අරගෙන හිටියා මහින්ද මහත්තයා අතහැර යන්නේ නැහැ කියලා. 

ඒකට හේතුව තමයි ආඬි හත්දෙනා කැඳ හැලිය හදන්න එකතු වුණා වගේ මේ අය එකතු වුණේ මොකටද කියන කාරණය මට තේරුම් ගිහින් තිබ්බ එක. මේ අය රටට තියෙන ආදරයක් නිසා නෙමේ එකතු වුණේ. මෙයාලට ඕනේ වුණේ මහින්ද පරද්දන්න විතරයි. මහින්ද පරද්දන්න එකතු වෙච්ච මේ අයට රට ගැන දැක්මක් තිබ්බේ නැහැ. අද වෙන කොට මම එදා හිතුව දේවල් ඇත්ත කියලා පේනවනේ.’ ප‍්‍රසන්න පැවසීය.

”මට මතකයි 2015 ජනාධිපතිවරණය පරාජය වෙච්ච දවසේ ඉඳලා ඔබතුමාගේ කොළඹ නිල නිවසේ තමයි මහින්ද මහත්තයාගේ සාකච්ඡුා තිබුණු විදිය’’ මාධ්‍යවේදියෙක් සිහිපත් කළේය. 

”ඔව්... ඔව්... ඔයාලත් නිතර නිතර ඒ ගෙදරට ආවනේ. මහින්ද මහත්තයා ජනවාරි 09 වැනි දා උදේ පාන්දර ප‍්‍රතිඵල එන්නත් ඉස්සර අරලියගහ මන්දිරයෙන් එළියට බැස්සා. කවුරු මොනවා කිව්වත් ඒක මුළු ලෝකයටම ආදර්ශයක්. කිසිම දේශපාලනඥයෙක් එහෙම යන්නේ නැහැ. එදා සවස සිරිසේන මහත්තයා දිවුරුම් දෙනකම්ම මහින්ද මහත්තයා තමයි රටේ ජනාධිපති. 

‘හැබැයි එහෙම කියලා එතුමා අද සමහරු කරන්න යනවා වගේ ධුරයේ බලෙන් ඉන්න ගියේ නැහැ. කාලේ ඉවර නම් යන්න ඕනේ. ඒක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ. ඉතින් එතුමා මන්දිරයෙන් එළියට ආවට යන්න තැනක් තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ කියන චරිතය මඩවලින් නාවලා තිබ්බා අච්චර හොරකම් කළා, මෙච්චර හොරකම් කළා කියලා. හැබැයි එතුමගේ නමට අදටත් කොළඹ ගෙයක් නැහැ. 

ඒ නිසා 09 වැනි දා උදේ ඉඳන් එතුමගේ සාකච්ඡුා පැවැත්වුණේ මගේ නිල නිවසේ. මහින්ද මහත්තයා ළඟ හිටපු හැමෝම එකා දෙන්නා සිරිසේන මහත්තයා එක්ක ඞීල් දාන්න පටන් අරන් තිබ්බා. හැබැයි මම ගියේ නැහැ. මම ප‍්‍රතිපත්තිමය තීන්දුවක හිටියා මහින්ද රාජපක්ෂ කියන චරිතය දේශපාලනයට නැවත ගෙන ආ යුතුයි කියලා. 

”අපි දන්න විදියට ඔබතුමා තාත්තා ඉන්න කාලේ නම් නාහෙට නාහන රැඩිකල් චරිතයක්. දැන් නම් ටිකක් නිවිලා වගේ? මාධ්‍යවේදියකු විහිළු කළේය. 

” හැබැයි එහෙම කියලා පෙනේ අකුලන් සිල් ගන්න ලැහැස්ති නැහැ. ඕනේ වෙලාවට පෙනේ කරනවා. ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ රණ්ඩු වෙන තරමක් රණ්ඩු වෙන්නෙම මම තමයි. 

”ආ මන්ත‍්‍රීතුමා පෙනේ ගැන කිව්වම මතක් වුණේ ගෙදරට ආපු නයා අල්ල ගත්තද? එක් මාධ්‍යවේදියකු ඇසුවේය.

”කවුද අනේ ඔයාට ඕවා කියන්නේ? ප‍්‍රසන්න ඇසුවේ විමතියෙනි. 

”අපිටත් ආරංචි වෙනවනේ මන්ත‍්‍රීතුමා” මාධ්‍යවේදියා පැවසීය. 

”ඒකත් ඇත්තනේ. පත්තරකාරයෝ එක්ක මොනවත් කරන්න බැහැ කියන්නේ ඒක තමයි. එක නයෙක් නෙමේ මල්ලි නයි දෙන්නෙක් ආවනේ. නයි විතරක් නෙමෙයි ඉත්තෑවෝත් ඉන්නවා. මට පේන විදියට මෙහෙම ගියොත් මට ගෙදරම සත්තු වත්තක් දාගන්න පුළුවන්” ප‍්‍රසන්න සිනාසෙමින් පැවසීය.

”ආවේ සුදු නයෙක්ලූ නේද? සුදු නයි ගෙට එන්නේ වාසනාවට. ඔබතුමාලගේ හොඳ කාලේ තමයි ඉතින් ඉස්සරහට එන්නේ. ඒ නිසා වෙන්න ඇති සුදු නයෙක්ම එන්න ඇත්තේ’’ මාධ්‍යවේදියා පැවසීය. 

”දැන් ඔබතුමා මොකද හිතන්නේ අනාගත දේශපාලන වාතාවරණය ගැන? ජනාධිපතිවරණය දිනන්න පුළුවන්ද? තවත් මාධ්‍යවේදියකු ඇසුවේය. 

”අනිවාර්යෙන්ම අපි ජයග‍්‍රහණය කරනවා. ඒකේ කතා දෙකක් නැහැ. දැන් තියෙන ප‍්‍රශ්නය කවදද ඡුන්දෙ කියන එක විතරයි. අපි සැලසුම් සහගතව අවුරුදු හතරක් තිස්සේ මේ ගමන ආවේ පරදින්න නෙමෙයි. ගම්වල ඉන්න පාරම්පරික යූ. ඇන්. පී. කාරයෝ අපිට ඇවිත් කියනවා මේ වතාවෙ නම් මහින්ද මහත්තයාගෙන් පිට කාටවත් දෙන්නේ නැහැ කියලා. 

සුදුසු දේ විතරක් කරන්න 
රනිල්ගෙන් රංජන්ට අවවාද...

පසුගිය සතියේ හැලහැප්පීම් ගණනාවකටම මුහුණ දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යාපනය ප‍්‍රදේශයේ කරනු ලැබූ එක්තරා අන්දමක සංවර්ධනාත්මක සංචාරයක් ඉතා සාර්ථකව හමාර කළේය... රජය වියදම් කළ කෝටි ගණනක ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම එම සංචාරයේ අරමුණු විය. 

සංචාරය නිමවා කොළඹ පැමිණි අගමැති රනිල් පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට මුහුණු දෙන්නට වූ එක්තරා අන්දමක ගැටලූවක් නිරාකරණය කරන්නට මැදිහත් විය. ගැටලූව අමාත්‍ය රන්ජන් රාමනායකගේය. රන්ජන් පසුගිය දිනක මහා සංඝරත්නය අපහසුතාවයට පත්වන ලෙස කරන ලදැයි කියන එක්තරා ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් රටේ මතුවී තිබෙන සංවාදය හමුවේ රංජන්ට යම් අවවාදයක් කරන්නට අගමැතිවරයා කල්පනා කළේය.... දැනුම්දීමක් අනුව අගමැතිවරයා හමුවන්නට රන්ජන් පැමිණ සිටියේය.... 

”ඔයා මේ මොනවද කියන කතා. මේ රටේ භික්ෂූන් වහන්සේලාට පොදුවේ ප‍්‍රහාර එල්ල කරන එක වැරදියි. එජාප ස්ථාවරයට පිටින් ගිහින් පොදුවේ උන්වහන්සේලාට ප‍්‍රහාර එල්ල කිරීම අනුමත කරන්න බෑ. ඔබ මෙම සිද්ධිය ගැන නිදහසට කරුණු කියන්න ඕනෑ” අගමැතිවරයා තදින් කීවේය.

”මම කියපු දේ විකෘති කරලා ගෝඨාභයගෙ මීඩියා ටීම් එක නැති අවුලක් ඇති කළා” යයි කී රංජන් සිය සම්පූර්ණ කතාවේ පටිගත දර්ශන මාලාව අගමැතිවරයාට පෙන්විය. එපමණක් ද නොව ඇතැම් පන්සල්වල කුඩා හිමිවරු හා ආවතේවකරුවන් ලෙස සිටින දරුවන් විසින් තමන්ට සිදුවන අතවර ගැන ලිඛිතව සිදු කළ පැමිණිලි තොගයක් ද අගමැතිවරයාට පෙන්වීය.

”ඒව කොහොම වුණත් පොදුවේ මහා සංඝරත්නය අපහසුතාවයට පත් කරන්න ඔබට අයිතියක් නෑ. විවිධ සංඝයා වහන්සේලාගේ ක‍්‍රියාකාරකම් ගැන පෞද්ගලිකව විවේචනය කිරීමේ යම් අයිතියක් තියනවා. උන්වහන්සේලා නීති විරෝධී වැඩ කරයි නම් ඒ ගැන මහනාහිමිවරු, ලේඛකාධිකාරීවරුන්ට පමණක් නොවෙයි පොලිසියට වුණත් පැමිණිලි කරන්න පුළුවන්. ඒත් පොදුවේ භික්ෂූන්ට මෙවැනි ප‍්‍රහාර දියත් කිරීම අපි අනුමත කරන්නේ නෑ.” අගමැතිවරයා ප‍්‍රතිචාර දැක්වූයේ එසේය.

”99% ක් වූ සිල් රකින, ජනතාව නිසි මගට ගැනීමට මග පෙන්වන සැබෑ ස්වාමීන් වහන්සේලා ගැන මම කතා කළේ නෑ. ඔඪ මයික් ඉදිරියේ වැඩ ඉන්න සිවුරුධාරීන් සුළුතරය ගැනයි මම ඒ විග‍්‍රහය කළේ. ඔවුන්ගෙන් මට සමාව ගන්න බෑ. ඔබතුමා කියනව නම් අනිත් සියලූම ගෞරවනීය හිමිවරුන්ගෙන් මට සමාව ගන්න පුළුවන්” රන්ජන් රාමනායක කීවේය.

”සුදුසු දේ කරන්න. මින් පසුවවත් අනවශ්‍ය ප‍්‍රශ්න ඇති කරගන්න එපා. එහෙම වුණොත් පක්ෂයක් ලෙස දැඩි තීන්දුවලට යන්න වේවි.” අගමැතිවරයා දැඩි අවවාදයක් කළේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව අපේ රටේ ඇතිවූ වහාබ්වාදී ත‍්‍රස්තවාදී භීතිය දැන් රටේ ඇත්තේ ම නැති තරම් ය. එහෙම ප‍්‍රශ්නයක් වුණේ ද... නැද්ද නැති ගාණය. කොතනකවත් ඒ ගැන කතා නැත. සමහරුන්ට මතකත් නැත.

කුරුණෑගල ප‍්‍රදේශයේ වඳ සැත්කම් කරනු ලැබුවාය කියන ෂාෆි ෂිහාබ්දීන් නමැති වෛද්‍යවරයා ගැන ද කිසි තැනක කතාවක් නැත. පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යැයි කියන අන්තවාදීන් ගැන ද කිසි කතාවක් නැත. ඊට වගකිව යුතුයැයි යැයි කියන දේශපාලනඥයෝ ගැනද වගේ වගක් නැත. සියලූ අපවාද රජයේ ආරක්ෂක ලේකම්වරයා හා එවකට සිටි පොලිස්පතිවරයා වෙත පමණක් එල්ල වී ඇති පසුබිමක අනිකුත් කතා කතන්දර සියල්ල අවසන් විය. වරදකරුවන්ට දඬුවම් ලැබුණේද නැත. වරද කුමක්ද කාගේද කියා සිදුවුණු පරීක්ෂණයක් ද නැති ගාණය.... සියල්ල කාටත් අමතකව ගියා සේ මුස්ලිම්වරුත් අනෙකුත් ජනතාවත් අතර සංවාදය ද ඉතා ඉක්මනින් සමාජය යටපත්ව ගියේය...

මේ සිද්ධිය සම්බන්ධයෙන් හොඳ අවධානයක සිටි විපක්ෂ දේශපාලනඥයින්ගේ මතය වූයේ රජය විශ්වාසභංගවලින් ජය ගැනීමටත් මුස්ලිම් දේශපාලනඥයින්ගේ සහයෝගය තවදුරටත් ලබා ගැනීමටත් අවශ්‍යව තිබූ නිසා සැකයේ වාසි සියල්ල ඔවුන්ගේ වාසියට තබා ප‍්‍රශ්නය අවසන් කරන්නට කුමක් හෝ මැදිහත්වීමක් කර ඇති බවය.

අවසානයේ පාස්කු ප‍්‍රහාරයේ අවාසි සියල්ල විපතට පත් හා මරණයට පත් ජනතාව වෙත පැවරී ගිය අතර ප‍්‍රහාරයෙන් පසුව ඇති වූ සමාජ තත්ත්වයේ සියලූ වාසි ප‍්‍රයෝජන රජය විසින් අත්පත් කර ගන්නට සමත් වූවා යැයි විපක්ෂයේ දේශපාලනඥයින් තුළ විවේචනයක් ද විය. 

විපක්ෂය නියෝජනය කරමින් සමහර ස්වාමීන් වහන්සේලා කරනු ලැබූ යම් යම් මැදිහත්වීම්වල වාසිය අත්වූයේ ද රජයේ වාසියට යැයි කියා විපක්ෂයේ තවත් විවේචනයක් තිබිණි. විශේෂයෙන්ම අතුරලියේ රතන හිමියන් මැදිහත් වී කරනු ලැබූ ක‍්‍රියාකාරකම නිසා අපරාධකරුවන් වෙනමත් සාමාන්‍ය මුස්ලිම් ජනතාව වෙනමත් ලෙස පැහැදිලිව දෙකට බෙදී සිටි මුස්ලිම් ජන සමාජය එකම බලවේගයක් බවට පත්විය. අවසානයේ සාමාන්‍ය මුස්ලිම් ප‍්‍රජාවගේ සිත් සතුටු කරවනු වස් සිදු වූ සියල්ල හේතුවෙන් අපරාධකරුවන්ට ද රැකවරණයක් ලැබිණි. සියලූ චෝදනාවලට ඉලක්කයක් ව සිටි රිෂාඞ් බදියුදීන් වැන්නවුන් පවා මෙහිදී සමාජය ඉදිරියේ නිවැරදිකරුවන් ලෙස බෞතීස්ම කරවූ ක‍්‍රියාකාරකම් රැසක් අවසන් විය. 

ඉන්න හිතෙන රටක 
බඩු මිල හා බදු බර...

පසුගිය බ‍්‍රහස්පතින්දා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සමග ලොකු සංවාදයකට මුල පුරා සිටියහ. විජේරාම මාවතේ නිල නිවසේ දී හමු වූ මෙම පිරිස අතර ප‍්‍රසන්න, පවිත‍්‍රා, ලන්සා, ෂෙහාන්, සනත්, පියල් ඇතුළු තවත් කිහිප දෙනෙක් ද වූහ. රටේ උද්ගතව තිබෙන වර්තමාන සමාජ ආර්ථික ප‍්‍රශ්න ගැන බොහෝ දේ මෙම සාකච්ඡුාවේදී මන්ත‍්‍රීවරුන්ගේ අවධානයට ලක් වූහ.

”ආවේ දින සීයෙන් අලූත් රටක් කියලා. දැන් අවුරුදු පහකට කිට්ටු වෙන්න ගියාට පස්සේ කියනවා ඉන්න හිතෙන රටක් කියලා. ඉන්න හිතෙන නෙමේ ඉන්න එවුන්ටත් යන්න හිතෙන රටක් තමයි මෙයාලා ජනතාවට දීලා තියෙන්නේ’’ පවිත‍්‍රා පැවසුවාය.

”ඒක ඇත්ත. ඉන්න හිතෙන රටේ දැන් පාන් රාත්තල රුපියල් හැටත් පැනලා. තෙල් මිල මාසෙකට සැරයක් වැඩි වෙනවා. හාල් කිලෝව සීය පැනලා. එහෙන් බඩු මිල. මෙහෙන් බදු බර. බදු ගහලා ජනතාව සූරගෙන කන ගමන් ඒ සල්ලිම වියදම් කරලා රට පුරා පෝස්ටර් ගහනවා ඉන්න හිතෙන රටක් කියලා. ආණ්ඩුවේ තියෙන්නේ වැඩ නෙමෙයි ෂෝ එක විතරයි” ප‍්‍රසන්න පැවසීය.

”යුද්ධයෙන් පස්සේ ඔළුව උස්සගෙන ආපු රට 2015 න් පස්සේ වළටම ඇදලා දැම්මා. ත‍්‍රස්තවාදය නිමා කරලා අවුරුදු දහයක් යන්නත් ඉස්සර රටම ත‍්‍රස්තවාදයට ආයෙත් බිලි දුන්නා. දැන් කියනවා රිෂාඞ්ලා වැරැදි නැහැලූ. ත‍්‍රස්තවාදීනුත් උන්ට උඩගෙඩි දීපු එවුනුත් වැරැදි නැහැ. අන්තිමට බලන කොට පාස්කු දවසේ පල්ලි ගිය අය තමයි වැරැදි” ලන්සා කීවේය.

”මේක රට ගැන හිතලා අටෝ ගත්තු ආණ්ඩුවක් නෙමෙයි. බලන්නකෝ එතන ඉන්න කණ්ඩායම දිහා. ඔතැනින් කවුද රට වෙනුවෙන් පෙනී හිටියේ? අවස්ථාවාදියෝ කණ්ඩායමක් තමයි එතැන ඉන්නේ. 2015 දී මේ අයට ඕනේ වුණේ මාව පරද්දන්න මිසක් රට හදන්න නෙමෙයි. එහෙම සැලසුමක් තිබ්බේ නැහැ. ඒක තමයි අද රටට වෙලා තියෙන විනාශය.

”ආර්ථිකය හදන්න පුළුවන් රනිල්ට කියලා සමහරු එදා විශ්වාස කළා. දැන් කවුරුත් එහෙම කියන්නේ නැහැනේ. රනිල්ගේ ප‍්‍රතිපත්තිය තමයි විකුණගෙන කන එක. කුඩුකාරයා ගෙදර තියෙන බඩමුට්ටු විකුණලා කුඩු ගහනවා. ගෙදරට ආදායමක් නැහැ. ඉතින් ගෙදර තියෙන බඩු ඉවරවුණාම හොරකමේ යනවා. ඒ වගේ තමයි ආණ්ඩුවත්. කිසිම ප‍්‍රතිපත්තියක්, සැලැස්මක් නැති ආණ්ඩුවක් තමයි දැන් රටට තියෙන්නේ” මහින්ද පැහැදිලි කළේය. 

”සර්ගේ කතාව නම් හරියටම හරි. සැලැස්මක් නැතිකමේ ප‍්‍රතිඵල විඳින්න වෙලා තියෙන්නේ ජනතාවට. කන්න නැතුව හාමතේ මිනිස්සු මැරෙන රටක් බවට දැන් අපේ රට පත්වෙලා. සර්ගේ කාලේ සීයට 7.5 ට තිබ්බ ආර්ථික වර්ධන වේගය දැන් සීයට 3ට බැහැලා. ඇඳුම් මහපු මිනිහා ඒ වැඬේ කරගෙන ඉන්නේ නැතුව මුදල් ඇමැති වුණාම වෙන දේවල් තමයි ඔය” සනත් පැවසීය. 

නීතිපති දෙපාර්තමේන්තුව 
රෑටත් වැඩ වගෙයිලූ...

”ජනාධිපතිවරණය ළං වෙන කොට ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධව තියෙන නඩුත් කඩිනම් වෙන පාටක් පේනවා. අවුරුදු පහක් යනකම් එකම නඩුවක්වත් ඔප්පු කරගන්න බැරි වෙච්ච ආණ්ඩුව දැන් එකපාරටම මාස තුනෙන් සේරම විසඳන්න වගෙයි සූදානම” පියල් කීවේය.

”ඔව් ඔව් දැන් තමයි ආණ්ඩුවට මතක් වෙලා තියෙන්නේ නඩු අහන්න. නීතිපති දෙපාර්තමේන්තුව දැන් හරියට කාර්යබහුලයි. මම හිතන්නේ එයාලා ?ටත් වැඩද කොහෙද? ප‍්‍රසන්න කීවේ සිනාසෙමිනි. 

”ආණ්ඩුව මුලින් බැලූවා අපිව හිරේ දාලා ගමන නතර කරන්න. ඒක බැරි වුණා. පස්සේ අපේ දරුවෝ හිරේ දැම්මා. ඒත් අපි සැලූණේ නැහැ. දැන් ආණ්ඩුව දන්නවා අපේ ගමන නතර කරන්න බැරි බව. ඒ නිසා දැන් හදන්නේ ඡුන්ද කල්දාලා හරි බලයේ ඉන්නයි. හැබැයි මේ අය දන්නේ නැහැ ඡුන්ද කල්දාන එකෙන් අවාසිය ඒ අයටමයි කියලා. එන්න එන්නම ආණ්ඩුව පිරිහෙනවා කියන එක මෙයාලට තේරෙන්නේ නැහැ’’ මහින්ද කීවේය.

”මේකනේ සර් වැඬේ. අසූචි වළේ බැහැලා ඉන්න මිනිහට ටික වෙලාවකින් අසූචි ගඳ දැනෙන්නේ නැතුව යනවා. ඒ වගේ තමයි ආණ්ඩුවත්. දැන් ආණ්ඩුවට අසූචි ගඳ දැනෙන්නේ නැහැ. හැබැයි වටේ ඉන්න සේරටම දැනෙනවා ආණ්ඩුවෙන් එන අසූචි ගඳ. තව ටික දවසනේ. පස්සේ අපි මෙයාලගේ අසූචි ටික හෝදලා දාමු” පියල් පැවසීය. 

”රන්ජන් රාමනායක කියන මනුස්සයා ඉතාමත් නින්දිත විදියට මහා සංඝරත්නයට අපහාස කරලා තියෙනවා. ආණ්ඩුව හරි නම් මේ මනුස්සයාව ඇමැතිකම්වලින් අයින් කරන්න ඕනේ. මේ වගේ පිළිල දේශපාලනයෙන් තුරන් කරන්න ඕනේ” ෂෙහාන් පැවසීය.

මේ ආණ්ඩුවෙන් මහා සංඝරත්නය තරම් පීඩාවකට පත්වුණු තවත් පිරිසක් නෑ. ආණ්ඩුවේ ඇමැතිවරු හාමුදුරුවන්ට වගේම අනෙකුත් ආගමික නායකයන්ටත් අපහාස කරනවා. මේ කරන්නේ වෙන මොකේටවත් නෙවේ ජනතාව උසි ගැන්වීමටයි. ජනපති හා ආණ්ඩුව මේ වගේ අයට විරුද්ධව කටයුතු කරන්න ඕනෑ මහින්ද කීවේය. 

”අගමැතිවරයට ඕවා ගාණක් නැහැ. නිකම් අවවාදයක් දීලා ෂේප් වෙනවා. එයාගේ දැන් එකම අරමුණ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් අන්තවාදීන් ටික බේරගන්නෙ කොහොමද කියන එක විතරයි. ඒවටම උඩගෙඩි දෙන නිලධාරීන් කණ්ඩායමකුත් ඉන්නවා. සමහරු වැඩ කරන්නේ සිරිකොතේ සාමාජිකයෝ වගේ. නීති විරෝධීව වැඩ කරන ඒ කාටත් ඊළඟ ආණ්ඩුව ආවම වගඋත්තර බඳින්න වෙයි’’ ප‍්‍රසන්න කීවේය. 

ජනපති වෙන්න එන්න 
උගතුන් කරුගෙන් ඉල්ලයි...

poli3එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස කථානායක කරු ජයසූරියට යම් යම් බලවේග විසින් ආරාධනා ලැබුණේ කලක සිටය. පසුගිය කාලයේ රහසිගතව යම් යම් පුද්ගලයින් පැමිණ මේ අභියෝගය බාර ගන්නැයි කියා ආරාධනා කළ අයුරු අපට මතකය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ බොහෝ දෙනෙක් මෙවන් ආරාධනා කථානායකවරයාට ගෙනාවත් ඔවුන් එදා ඒ ආරාධනාව එළිපිට හා ප‍්‍රසිද්ධියේ කියන්නට මැලිකමක් දැක්වූහ. ඒ පක්ෂ නායකත්වයට ඇති බිය හෝ සැලකිල්ල නිසා ය. එහෙත් අද පක්ෂ නායකයා සිටින තැනම එජාපයේ ඇතැම් නායකයෝ එළිපිටම කියා සිටින්නේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ රෙද්ද බැනියම අඳින සිංහලකම බෞද්ධකම දන්න රටට ජාතියට ආදරය කරන නායකයෙකු බව ය. පසුගිය දිනක ජෝන් අමරතුංග ඇමැතිවරයා කථානායක සම්බන්ධයෙන් එම ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය කරන ආකාරය අපට දැකගත හැකි විය.

පසුගිය සතියේ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයේ ප‍්‍රකට මහාචාර්යවරුන් පිරිසක් ද කථානායකවරයාගෙන් ප‍්‍රසිද්ධ ඉල්ලීමක් කළේය. ජනාධිපති ධුරය ලෝකය ඉදිරියේ සමස්ත රටේම සම්භාවනීයම සලකුණ වන බැවින්, එම ගෞරවනීය තත්ත්වය ගොඩනැගීමට හැකි පරිණත රාජතාන්ත‍්‍රිකයෙක් ලෙසත්, දේශීය ජන විඥානයට ආමන්ත‍්‍රණය කළ හැකි එ.ජා.ප.යේ සිටින සුදුසුම පුද්ගලයා ලෙසත්, ජනපතිවරණයට ඉදිරිපත් වන්නැ’යි එම විද්වත්හු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියහ. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මද්දුම බණ්ඩාර, ආර්ථික විද්‍යාව පිළිබඳ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආරියවංශ දිසානායක, සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු අංශ ප‍්‍රධාන සිසිර පින්නවල, කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ආර්.එම්. එස්. රාජපක්ෂ ඇතුළු විද්වතුන් පිරිසක් එක් වූ මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡුාව පිළිබඳව කථානායකවරයාට සැල වූයේ ද මාධ්‍ය මගිනි.

මෙම ආරංචිය ලද පසු කථානායකවරයාගේ ළඟම හිතවතුන් පිරිසක් කථානායකවරයා හමුවන්නට ගියේ මේ පිළිබඳව ඔහුගේ ප‍්‍රතිචාරය කුමක්දැයි විමසා දැන ගැනීම සඳහාය...

විවිධ උගතුන් බුද්ධිමතුන් හා සමාජ ක‍්‍රියාකාරිකයින් සද්භාවයෙන් ඒ ආරාධනය මා වෙත කරන විත්තිය මම දන්නවා... ඒ වුණාට මම තනි පුද්ගලයෙක් නෙවෙයි... මම පක්ෂයක් නියෝජනය කරන දේශපාලනඥයෙක්... එහෙම යෝජනාවක් පක්ෂය පැත්තෙන් ඇවිල්ලා හැම කොටසකගේම සහයෝගය ආශිර්වාදය හා අනුමැතිය ලැබෙනවා නම් මම ඒ අභියෝගය භාර ගන්න කැමතියි.... ඒත් එක්කම මේ රටේ බුද්ධිමත් ජනතාව නියෝජනය කරන ඒවගේ උගත් මහාචාර්යවරු මේ වගේ වගකීමක් බාර ගන්න කියලා මට ආරාධනා කිරීම ගැනත් මම සතුටු වෙනවා...’’

”හැමෝම එකතුව වෙලා මේ වගකීම බාර අරගෙන පක්ෂය දිනවන්න කියලා මගින් ඉල්ලනවා නම් මම එක සතුටෙන් බාර ගන්නවා... එහෙම නැතුව බලපොරයකට ගිහිල්ලා පක්ෂය ඇතුළේ බෙදීමක් ඇති කරගෙන කොටසක් තරහ කරගෙන මේ වගේ තීන්දුවක් ගන්න මම සතුටු නෑ. මට පක්ෂයේ සමගියත් ඉතාම වැදගත්....

කථානායකවරයා මෙසේ කීවේ ආචාර්ය රන්ජන් බණ්ඩාර ඇතුළු විද්වතුන්ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ මතය කුමක්දැයි විමසන අවස්ථාවකදීය.

පොහොට්ටුවට එක්වෙන්න
පක්ෂ විසිහයක එකතුවක්...

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් පසුගිය බ‍්‍රහස්පතින්දා විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවෙසේ දී මහින්ද මුණගැසී දේශපාලන සාකච්ඡුාවක නියැලෙමින් සිටියෝය. ඔවුන්ගේ සාකච්ඡුාවට මුල් ව තිබුණේ ජනතාවට විඳින්නට සිදුව ඇති දුක්ගැහැට ගැනය..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ඉදිරි මැතිවරණය සඳහා පුළුල් සන්ධානයක් ගොඩ නැගීමේ කටයුතු ද මේ දිනවල සිදුවෙයි. එහි ජාතික සංවිධායක බැසිල් මේ දිනවල වැඩිපුරම කාලය ගත කරන්නේ වෙනත් දේශපාලන පක්ෂ හා සංවිධාන සමග කථාබහ කිරීමටය. මේ වන විට පක්ෂ 26 ක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වීමට බැසිල්ට එකඟත්වය පළ කර තිබේ.

පසුගිය සඳුදා බැසිල් මුලින්ම සාකච්ඡුා කළේ තමිල් මහජන විමුක්ති පෙරමුණ සමගය. ඒ සඳහා නැගෙනහිර හිටපු මහ ඇමැති පිල්ලෙයාන්ගේ සහෝදරයා වූ ජී. ප‍්‍රියශාන්තන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මේ පක්ෂය ජාතියක් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් නෙවෙයි. එල්ටීටීඊ එක අතඇරලා දානකොටම අපි ජාතිවාදයත් අත ඇරියා. ප‍්‍රියාශාන්තන් පැහැදිලි කළේය.

ඉන් පසුව සාකච්ඡුාවට ආවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නියෝජිතයන්ය. කලින් රුහුණු ජනතා පක්ෂය ලෙස හැඳින්වූ එය පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ව්‍යාපාරය ලෙස නම වෙනස් කළේය.

‘ආ කොහොමද ගොඩක් කාලෙකින් අපි හම්බුනේ මොකද පසුගිය කාලේ කළේ. බැසිල් සාකච්ඡුාව ඇරඹුවේ එලෙසය. 

‘අපි පසුගිය කාලේ කළේ හයර් දුවපු එක’. බැසිල්ට උත්තරය තේරුණේ නැත.

‘මොකද්ද හයර් දුවන එක කියන්නේ.’ ඔහු ඇසුවේය.

‘අපි මේ පක්ෂයේ නම වෙනස් කළේ මෛත‍්‍රීට ඡුන්දය ඉල්ලන්න රාජිතගේ වුවමනාවට. හැබැයි හංසයා ලැබුණු නිසා මෛත‍්‍රී අපෙන් ඉල්ලූවේ නෑ.. අපි න්‍ඪඡු කෙනෙක් අපේ අපේක්ෂකයා විදියට ඉදිරිපත් කළෙත් රාජිතගේ වුවමනාවට. මෛත‍්‍රීගේ සහයට ඒකට දැම්මේ විජිත හේරත්ගේ කෙනෙක්. ඉතිං සර් අපි කරලා තියෙන්නේ පක්ෂේ හයර් එකට දීපු එකනේ. ඒකයි එහෙම කිව්වේ එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා කිවේය.

තිඹිරිගස්යායේ තමයි අපේ කාර්යාලය තිබුණේ. එතන 70 විතර හිටියා. මෛත‍්‍රී දිනපු ගමන් ඉස්සෙල්ලාම කළේ අපේ කාර්යාලය වහපු එක. ඒකෙන්ම තේරෙනවනේ කෙලෙහිගුණ දන්නැති කෙනෙකුටනේ සර් අපි වැඩ කරලා තියෙන්නේ. පක්ෂයේ විධායක සභිකයෙකු වන ශ‍්‍රී ලාල් රෝහණ කීවේය.

තමිල් එක්සත් නිදහස් පෙරමුණ ද පසුගිය සතියේ බැසිල් සමග සාකච්ඡුා කළේය. එහි නායක කරුණා අම්මාන් කීවේ උතුරේ හිටපු මහඇමැති සී. විග්නේශ්වරන් තමන් මුණ ගැසීමට අවශ්‍ය බව දැනුම් දී තිබූ බවයි. මම පණිවුඩයක් යැව්වා මහින්ද මහත්තයා එක්ක වැඩකරනව නම් විතරයි මම කථා කරන්නේ එන්නේ කියලා. කරුණා වැඩිදුරටත් කීවේය. 

ගෝඨාභය මහත්තයා එන එක ගැන සමහර දෙමළ මිනිස්සුන්ට පොඩි බයක් තිබුණා. හැබැයි දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. පාස්කු ප‍්‍රහාරයත් එක්ක දෙමළ ජනතාවත් දැන් ගෝඨාභය මහත්තයාට කැමතී. කරුණා වැඩිදුරටත් මේ සාකච්ඡුාවේදී කීවේය..
-ඉරිදා දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad