Loading...
‘‘මෙතැනදී කරන්න තියෙන්නේ ධචැබ ීමරටැරහ එකක් කරලා කොඳු ඇට පෙළට ඡුෂභ ගහන එක’’ ශල්‍ය වෛiවරයා අපේ මිතුරාට කීවේය. ‘‘හැබැයි ලක්ෂ 30 ක් විතර යාවි...’’
ඊළඟට මිතුරා කළේ Second Openion ලෙස හැඳින්වෙන ‘‘විකල්ප අදහසක්’ ලබා ගැනීම සඳහා වෙනත් ශල්‍ය වෛiවරයකු හමුවීමය.
‘‘ ඕකේ මෙන්න මෙහෙම ප‍්‍රශ්නයක් තියෙනවා. කොඳු ඇටය දිගට පින් දමලා කෙළින් කළාම පින් කැඩෙන අවස්ථා තියෙනවා. ඒක අවදානම් තත්ත්වයක්. මොකද පුංචි ළමයකුට කියන්න බැහැනේ මෝල්ගහක් ගිල්ල වගේ පැය 24 ම කෙළින් ඉන්න කියලා.’’
අපේ මිතුරාගේ සිහිය විකල් විය. දියණියගේ ඉනේ සිට උරහිස දක්වා වූ ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම ඇදවීම නිසා ඉමහත් විකෘති සහගත බවක් දැක්විණ. ඇදවුණ කොඳු ඇට කෙළින් කරන වැලිගම එම්. ඒ මදනායක නමැති දේශීය වෛiවරයා ගැන ඔහුට දැනගන්නට ලැබෙන්නේ ඒ අතරය. එතැන් සිට කතාව අපේ මිතුරාගේ වචනයෙන් මෙසේය.
‘‘මේ වෛiවරයා කොඳුඇට පෙළ කෙළින් කරන්නේ කිසිම සැත්කමක් නොකර අතින්මයි. ඔහු මුලින්ම කොඳු ඇට පෙළ දිගේ තෙල් වර්ගයක් ගාලා සම්බාහනය කරනවා.
මදනායක වෛiවරයා මේ සියල්ල කරන්නේ සියතිනි. ඒ සඳහා ඔහු රෝගියා තම වෙදහලේ නවත්වා ගනී. රෝගියා ඔහු දෙන කසාය පානය කළ යුතු අතර ඔහු දෙන ආහාර ගත යුතුය. ඔහුගේ විෂ්මිත හැකියාව සියැසින් දැක ගනිමින් ඔහු සමග පැවැත්වූ සාකච්ඡුා පෙළක් ඔබ වෙත ගෙන එමු.
ප‍්‍රශ්නය - ඔබ වෙත ගෙන එනවා ඇවිදගන්න බැරි ශරීරයේ සාමාන්‍ය චලනයක් සිදු කරන්න බැරි කාන්තාවක්. ඇගේ වයස අවුරුදු 40 ඉක්ම ගිහින්. ඇගේ කොඳු ඇට පෙළ පරීක්ෂා කිරීමේදී ඔබට වැටහෙනවා, ඒවායේ තැන් තැන්වල පිපුරුම් තිබෙන බවත්, ඒ නිසා කොඳු ඇට පුරුක් අතර තෙරපීමක් හටගන සුෂුම්නාව පීඩනයට පත් වී ඇයට ඇවිදයන්න බැරිව තිබෙන බවත් ඔබ අවබෝධ කර ගන්නවා.
වෛi එම්. ඒ. මදනායක - ඔව්. මා ළඟට ඇය ගෙන එන විට නිදා සිටින තැනින් නැඟිටලා කෙළින් ඉඳගන්නවත් ඇයට බැහැ. ඒ නිසා ඇය ඇවිද්දවීමේ අභියෝගයට වඩා ඇය නැඟිට්ට වීමේ අභියෝගය තමයි මුලින්ම අප ඉදිරිපිට තිබුණේ. කෙනෙක් ඇඳක නිදා සිටින විට හෝ හාන්සි පුටුවක වැතිර සිටින විට හෝ නැඟිටින්නේ ශරීරයේ උඩුකය මගින් යොදන ආයාසයෙන්. ඒ ආයාසය පිළිබඳ පණිවිඩය සුෂුම්නාව මගින් කොඳුඇට දිගේ පහළට යන්න ඕනෑ. හැබැයි සුෂුම්නාව තෙරපිලා තිබෙනවා නම් ඒ සංඥාව යන්නේ නැහැ. සුෂුම්නාව බෙල්ල කිට්ටුවෙන් තෙරපිලා නම් සංඥාව යන්නේ ඒ ටික දුර විතරයි. එතකොට ඔළුව හොලවන්න පුළුවන්. ඇෙඟ් ඉතිරි හරිය හොලවන්න. මා වෙත ගෙනාව. රෝගී කාන්තාවගේ බෙල්ලට ටිකක් පහළින් කොඳු ඇටයේ පිපිරුමක් තිබුණා. පිට මැදට වෙන්නට තව පිපිරුමක් තිබුණා. ඊළඟට ඉනට සමාන්තරව තුන්වැනි පිපිරුම. මේ පිපිරුම් සියල්ල සිදු වෙලා තිබුණේ කුඩා කාලයේදී ඇය ඇදවැටීම නිසයි. වැඩිහිටියන් කොන්දේ තෙල්ගෑවා මිසක ඒ කාලයේදී මේ ගැන සැලකිලිමත් වුණේ නැහැ. පසුව පිපිරුම් වර්ධනය වෙලා ඇට පුරුක් අතර තිබෙන කාටිලේජවලට හානි වුණා. ඇයට ගෙලෙන් පහළ සොලවා ගන්නට බැරි වූයේ ඒ නිසයි.
ප‍්‍රශ්නය - මේ කාන්තාව සුවකිරීම ඔබට අභියෝගයක් වුණාද?
වෛi එම්. ඒ. මදනායක - හැම වෛiවරයකුටම තමා ඉදිරිපිට ඉන්න රෝගියා අභියෝගයක්. රෝගියෙක් වෛiවරයා ඉදිරියට එන්නේ සනීප වෙලා නොවෙයි. රෝගියකු විදියටයි. ඔහු හෝ ඇය සුවපත් කිරීම තමයි, වෛiවරයාගේ අභියෝගය. කොඳු ඇට පෙළේ ආබාධ නිසා ඇවිදගන්න බැරි කාන්තාවක් මා මීට පෙරත් සුවපත් කර තිබුණා. එහෙත් මේ කාන්තාවගේ එක්ස් කිරණ වාර්තා සහ රෝගී නිශ්චය පත් පරීක්ෂා කරන විට මට තේරුම් ගියා කාරණය ටිකක් අමාරු බව. මා මුලින්ම අවධානය යොමු කළේ ඇය ඇවිද්ද වීම ගැන නොව සයනය මත හිඳවීම ගැනයි.
ප‍්‍රශ්්නය - මේ සඳහා ඔබ දීපු ඖෂධවල අඩංගු මොනවාද?
වෛi එම්. ඒ. මදනායක - මා මෙයට පෙරත් ඔබට කියා තිබෙනවා අපේ පරම්පරාවේ බෙහෙත් සංකීර්ණ නැහැ. කසායකට තිබෙන්නේ බෙහෙත් ජාති තුන හතරයි. අපි බෙහෙතේ ගුණාගුණ හදාගන්නේ එයට යොදන ඖෂධවල බර වෙනස් කිරීමෙන් ඒ කියන්නේ කසායකට ඖෂධ හතරක් තිබෙනවා කියලා හිතමු. මෙයින් පළමුවැනි ඖෂධය කළඳක් ගන්නකොට දෙවැනි ඖෂධය කලං එකහමාරක් හෝ කලං 5 ක් විය හැකියි. තුන්වන ඖෂධය කලං භාගයක් විය හැකියි. ඉතින් පෙර කී රෝගී කාන්තාවට මා මුලින්ම තෙලක් ගෑවා. එය ගොඩපර මුල්කරගත් ඖෂධයක් ෘසකකැබස් රුඑමි් ලෙස හඳුන්වන ගොඩපර ශාකය උණ, ස්නායු පද්ධතියේ ආබාධ. මුඛ රෝග, ඇඟ කෙට්ටුවීම, නොසන්සිඳුණ පිපාසය, කැස්ස, පපුවේ සහ බඬේ දැවිල්ලට ප‍්‍රත්‍යක්ෂ ඖෂධයක්. හෘදය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමටත් හිසකෙස් වර්ධනය කිරීමටත් ගොඩපර ඉස්මවලට පුළුවන්. මේ හැමටම වඩා දිරාගිය අස්ථි වර්ධනය කිරීමටත් කාටිලේජ වර්ධනය කිරීමටත් ගොඩපරවලට හැකියාව තිබෙනවා. මේ අවසන් කාරණය පාරම්පරික වෛiවරුන් අත්දැකීමෙන් දැන සිටි දෙයක්. ඒ නිසා පෙර කී කාන්තාවගේ තත්ත්වය වැන්නකදී අප මුලින්ම කරන්නේ ඉතා සියුම් ලෙස ශරීරය තුළට කිඳා බසින තෙල් වර්ගයක් ආලේප කිරීමයි. එයින් සිදුකරන්නේ ඖෂධ අවශෝෂණය සඳහා ශරීරය සූදානම් වීමයි. මේ ආකාරයට බෙහෙත් කළ පසු පළමුවන දෙසතියෙන් අනතුරුව ඇය නැඟී සිටියා. එතැන් සිට ඇය ඇවිද්දවීම ඒ තරම් දෙයක් නෙමෙයි. මේ වනවිට ඇය සෑහෙන තරම් ඇවිද යනවා.
ප‍්‍රශ්නය - අද අප ඔබ සමග කතා කරන්නේ කොඳු ඇට පෙළ දිරායෑම සම්බන්ධයෙනුයි. අපට හැෙඟන පරිදි මෙය ඉතාම භයානක තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් ඔබට ඉදිරිපත් කළ හැකි සිද්ධි අධ්‍යයනයක් තිබෙනවාද?
වෛi එම්. ඒ. මදනායක - මේ සම්බන්ධයෙන් මා ඔබට ඉදිරිපත් කරනවා දෙමසකට පෙර ඇති වූ සිද්ධියක්. ඒ කියන කාලයේදී වයස අවුරුදු 40 ක පමණ කාන්තාවක් ඔවුන්ගේ භාරකරුවන් විසින් මා වෙත ගෙනෙනු ලැබුවා. ඔවුන් ඇය ගෙනාවේ ඔසවාගෙනයි. ඇයට ඇවිද ගන්නට බැහැ. ඇගේ කොන්ද අල්ලන විටත් ඇය මහ හඬින් විලාප තැබුවා. ඇගේ භාරකරුවන් කීවේ ඇගේ කොඳු ඇට පෙළ දිරා ගොස් ඇති බවයි. මා ඇගේ එක්ස් කිරණ වාර්තා පරීක්ෂා කර බැලූවා. එය එතරම් පැහැදිලි තත්ත්වයක තිබුණේ් නැහැ. පසුව මා ඇගේ පිටකොන්දේ ගෙල අසල සිට පහතට අතගාගෙන ආවා. එවිට මට තේරුම් ගියා කොඳු ඇට පෙළ දිරා ගොස් ඇති බව. සාමාන්‍යයෙන් වෙන අයගේ කොඳු ඇට පෙළක දිරාගිය තත්ත්වයන් මතු වන්නේ තැනින් තැන. එවිට එය සුව කිරීම එතරම් අපහසු නැහැ. එහෙත් සම්පූර්ණ වශයෙන් කොන්ද දිරාගිය කෙනකු සුවපත් කිරීම දුෂ්කරයි. එහෙත් එය කළ හැකියි. මේ නිසා ඇය සුව කිරීමේ අභියෝගය මා භාර ගත්තා.
ප‍්‍රශ්නය - කොඳු ඇට පෙළ දිරා යන්නේ කොහොමද?
වෛi එම්. ඒ. මදනායක - හේතු කිහිපයක්ම තිබෙනවා. එක් හේතුවක් තමයි, කොඳු ඇට අතර හටගන්නා තෙරපුමට නිසි ප‍්‍රතිකාර නොකර දිගු කාලයක් නිකරුණේ සිටීම. කොඳු ඇට අතර තෙරපුම හටගන්නට ප‍්‍රධාන වන හේතු කිහිපයක් තිබෙනවා. පළමුවැන්න තමයි, කොඳු ඇට පෙළේ් හටගන්නා රෝගී තත්ත්වයන්. ඊළඟට හදිසි අනතුරකින්, වැටීමකින්, රිය අනතුරකින් හෝ පහර දීමකින් කොඳු ඇට පෙළ තුවාල වෙනවා. තුන්වෙනුව දිගු කාලයක් වැරදි විදියට ඉඳගෙන සිටීම හේතු වනවා. ඉන්පසු ශරීරයේ බර වැඩිවීම, ව්‍යායාම නැති වීම, පෝෂ්‍යදායක ආහාර නොගැනීම, කැල්සියම් ඌනතාව, ශරීරයට දැරීමට බැරි බරක් එසවීම සහ ඔසවා කර තබා ගැනීම, එවැනි බර දිනපතාම වාගේ එසවීම වැනි කාරණා බලපානවා.
ප‍්‍රශ්නය - ඔබ වෙත ගෙනා කාන්තාවගේ කොඳු ඇට පෙළ දිරා ගොස් තිබුණේ කොහොමද?
වෛi එම්. ඒ. මදනායක - ඇය කුඩා කාලයේ ඇදවැටී කොන්ද බිම ඇනී තිබුණා. මා මුලින්ම ඇසුවා හදිසි අනතුරක් වුණාද කියලා. ඒත් ඒ බවක් ඇයට මතක තිබුණේ නැහැ. ඉන්පසු මම ඇගේ කොඳු ඇට පෙළේ් පුරුකෙන් පුරුක අතින් තෙරපා බැලූවා. එවිට මගේ අතට හසුවුණා තැන් දෙකක තිබූ පිපිරුම් දෙකක්. ඇයට මේ අනතුර සිදු වෙලා තිබුණේ අවුරුදු 10 දී. ඒ වෙලාවෙදී ඇගේ වැඩිහිටියන් කොන්දට තෙල් ගා වේදනා නාශකයක් දීලා වැඬේ කෙළවර කර තිබුණා. ඒත් ඇෙඟ් ඇතුළතින් ආබාධය කෙළවර කෙරුණේ නැහැ. පිපිරූ තැන් දිරන්නට පටන් ගත්තා. දතක් දිරන්නට පටන් ගත්තාම නොසලකා හැරියොත් එය සම්පූර්ණයෙන්ම දිරා ගිහින් යාබදව තිබෙන නිරෝගී දතත් දිරන්නට පටන් ගන්නවා.
ප‍්‍රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවාද?
weda5 1 වෛi එම්. ඒ. මදනායක - කොඳු ඇට දිරායෑම වට කිහිපයකින් සමන්විත නිසා රෝග ලක්ෂණ හට ගන්නෙත් වට කිහිපයකට. මුලදී කොන්දේ වේදනාව හට ගන්නවා. මෙය ටික කලක් පවතිනවා. ඊළඟට කොඳු ඇටවල තිබෙන නම්‍යශීලී ගතිය ක‍්‍රමයෙන් අඩු වෙලා ඉස්සරහට නැමෙන්නට බැරිව යනවා. එවිට කොන්ද වේදනා දෙන්නට පටන් ගන්නවා. එය පැහැදිලි කර ගැනීම සඳහා උදාහරණයක් දෙන්නම්. හිස්කබල හා ශරීරය එකට එකතු වන තැන ඉතා හොඳින් නමන්නට සහ හරවන්නට පුළුවන්. මේ නැමියාව නිසා ගෙල වටා තිබෙන මාංශ පේශීන්ට කරදරයක් ඇති වන්නේ නැහැ. එහෙත් නම්‍යශීලී බව නැති වුණොත් හිසේ කැක්කුම්, ඉරුවාරදය, බෙල්ලේ වේදනා, උරහිස්වල තද ගතියක් දැනෙනවා. කොන්ද සම්බන්ධ තත්ත්වයත් මෙයමයි. කොඳු ඇටවල එක තැනක් දිරා ගියොත් එය අකි‍්‍රයාකාරී වනවා. එතකොට ඒ කොඳු ඇටයට ඇෙඟන් ලැබෙන තෙරපුම දරා ගන්නට නොහැකි නිසා සෙසු කොඳු ඇටවලට එම තෙරපුම දරා ගැනීමට සිදුවෙනවා. මෙවිට කොඳු ඇට පෙළ ඉතා තදින් විඩාවට පත් වෙනවා.
(ලබන සතියේ කාන්තාව සුව කළ හැටි)
- දිවයින පුවත්පත
No comments:
Post a Comment