එජාප ජනාධිපති අපේක්ෂකයා හැකි ඉක්මනින් නම් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ශව ගණනාවකින් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.
එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් යෝජනා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන ලෙසයි.
කෙසේ වෙතත් අගමැතිවරයාට සමීපතම පිරිසක් යෝජනා කර ඇත්තේ ඔහුටම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙසයි.
පවතින ව්‍යාකූල තත්ත්වය මත ජනාධිපති අපේක්ෂකත්වය කථානායක කරු ජයසූරිය මහතාට ලබා දිය යුතු යැයි තවත් පිරිසක් යෝජනා කර ඇත.
මේ තත්වය මත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස අග භාගයේදී ඉන්දියාවේ තිරුපති කෝවිලේ විශේෂ පූජාවක් පැවැත්වීමට පිටත්ව යාමට නියමිතය.
එමෙන්ම එම කාලයේදී අගමැතිවරයා ගුරුවාරය් හින්දු කෝවිලේ විශේෂ පූජාවකටද සහභාගිවීමට වීමය සැලසුම් කර ඇත. එම පූජාව අලුයම් කාලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
පවතින අර්බුදකාරී තත්වය සමනය කර ගැනීම සඳහා දේවාශිර්වාදය ලබා ගැනීම මෙම ඉන්දීය සංචාරයේ අරමුණ බවද දැනගන්නට ඇත.
Sunday, July 21, 2019

Home
ප්රවෘත්ති
කෘත්‍යාධිකාරියේ හා මන්ත‍්‍රී කණ්ඩායමේ බලය ගිලියේ.. ජනාධිපති අපේක්‍ෂක තේරීම දෙවියන්ට බාරයි.. අගමැති රනිල් තිරුපති ගුරුවාර් අලුයම් පූජාවේ..
කෘත්‍යාධිකාරියේ හා මන්ත‍්‍රී කණ්ඩායමේ බලය ගිලියේ.. ජනාධිපති අපේක්‍ෂක තේරීම දෙවියන්ට බාරයි.. අගමැති රනිල් තිරුපති ගුරුවාර් අලුයම් පූජාවේ..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment