ත්‍රෛනිකායික මහ නාහිමිවරු යළිත් ජනපතිට දැඩි අප්‍රසාදය පළ කරයි – ජනපතිට සැර ලිපියකුත් යවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 1, 2022

ත්‍රෛනිකායික මහ නාහිමිවරු යළිත් ජනපතිට දැඩි අප්‍රසාදය පළ කරයි – ජනපතිට සැර ලිපියකුත් යවයි

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතු විශේෂ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා.

එම ලිපිය යොමු කර තිබෙන්නේ මල්වතු මහා විහාරයේ මහා නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්, අස්ගිරි මහා විහාරයේ මහ නායක වරකාගොඩ ධම්මදස්සී මහා නාහිමියන් සහ අමරපුර නිකායේ උත්තරීතර මහ නායක දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි මහා නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මකුලෑවේ ශ්‍රී විමලභිධාන මහා නා හිමියන් ඇතුළු සිව් නිකායේම මහ නා හිමිවරුන් විසින් අත්සන් තැබූ මෙම ලිපිය විශේෂ කාරණා රැසක් අවධාරණය කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුළින් ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතුයි යන ශීර්ෂය යටතේ මෙම ලිපිය යොමු කර තිබෙන අතර එහිදී අර්බුධය සඳහා සැබෑ විසඳුම් සෙවීම පසෙකලා සුපුරුදු පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක පිළිබඳව මහ නායක හිමිවරුන් දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

අද වන විට ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යක් බවට පත් වී අවසන් බවත් විධායකය හා ව්‍යවස්ථාදායකය මෙම අර්බුධයේ කොටස්කරුවන් බව මහජනතාවගේ චෝදනාව බවත් සිහිපත් කරන මහ නා හිමිවරුන් විධායකය හා ව්‍යවස්ථාදායකය එක්ව රට තුළ සිදු වූ හා සිදු වෙන දුෂණ වංචා වළක්වා නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමට කටයුතු නොකිරීම රට තුළ නිර්මාණය වී ඇති වත්මන් අරාජිකත්වයට හේතුව බව ප්‍රත්‍යක්ෂ වී අවසන් බවත් මෙම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

එම සම්පූර්ණ ලිපිය පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad