පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයට ශ්‍රි කුරුස දේවස්ථානය තුල බෞද්ධ චාරිත්‍රානුකූලව පැන් වඩා පින් අනුමොදන් කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 21, 2019

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයට ශ්‍රි කුරුස දේවස්ථානය තුල බෞද්ධ චාරිත්‍රානුකූලව පැන් වඩා පින් අනුමොදන් කරයි..

පාස්කු ඉරුදින ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කරමින් පින් අනුමෝදම් කිරිමේ වැඩසටහනක් හැටන් ශ්‍රි කුරුස දේවස්තානයේදි හැටන් නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝ නායක ශ්‍රාස්ත්‍රපති මහගය විමල හිමියන් ඇතුළු මහ සංඝ රත්නය විසින් අද (21) සිදු කරන ලැබුහ.

හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පියතුමණ් වන නිව්මන් පෙරේරා පියතුමණ් විසින් අද දින පාස්කු දින ත්‍රස්තවාදි  ප්‍රහාරයෙන්  මිය ගිය අය සිහි කරමින් විශේෂ දේව මෙහෙයක්ද පැවැත්විමෙන් අනතුරුව එම දේවස්ථානය තුලදි සිංහල බෞද්ධ චාරිත්‍රයට අනුව දේව මෙහෙයට පැමිණි කිතුණු බැතිමතුන් සහ හැටන් ප්‍රදේශයේ බෞද්ධ ජනාතාව එකට එක් වි පැන් වඩා පින් අනුමොදම් කලහ.

පින් අනුමොදම් කිරිමෙන් අනතුරුව හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ අද දින දේව මෙහයට පැමිණි සියළුම කිතුනු බැතිමතුන් වෙනුවෙන් හැටන් ප්‍රදේශයේ සිංහල ජනතාව දානමය පින්කමක්ද පැවැත්විණ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට තුන් මසක් සපිරිම නිමිත්තෙන් හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ අද පැවති දේව මෙහෙය සහ දානමය පින්කම හේතුවෙන් එම දේවස්ථානය යුධ හමුදාව සහ පොලිසිය එක්ව දැඩි ආරක්ෂාව යොදවා තිබුණ.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad