යාපනය කොටුව ආසන්නයේ පිහිටි අදාල කිතුනු දේවස්ථානයේ ඉදිරිපස මෙම දේව සුරුවම ඉදිකොට තිබූ අතර එමගින් කිතුනු බැතිමතුන් විශාල පිරිසක් දෛනික ආගමික කටයුතු සිදු කරගත්හ.
එවැනි ආගමික වතාවත් සිදු කරන ලද දේව සුරුවම කඩා විනාශ පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර කිසියම් පිරිසක්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි පොලීසිය සැක පල කරන අතරම දේව සුරුවම කඩා දැමුනු පුද්ගයින් කවුරුන්දැයි යන්න සෙවීමට පොලීසිය විසින් පරීක්ෂණයක්ද අරඹා ඇත.
මීට පෙරද අවස්ථා කිහිපයකදීද යාපනය, වඩ්ඩුකොඩ්ඩෙයි හා මන්නාරම ප්‍රදේශයන්ගේ පිහිටි දේව සුරුවම් කිහිපයක් කඩා දමා තිබිණු අතර උතුරු පලාතේ පිහිටි කිතුනු දේව සුරුවම් කඩාදමන හෝ කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් ක්‍රියාත්මක වන බවට බියක් ඇති බවටද උතුරේ කිතුනු බැතිමතුන් වැඩි දුරටත් කියා සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:
Post a Comment