මෙතෙක් සියළු ජනාධිපතිවරුන් පත් වූයේ මුස්ලිම් ඡන්දවලින්.. මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු - හිස්බුල්ලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 23, 2019

මෙතෙක් සියළු ජනාධිපතිවරුන් පත් වූයේ මුස්ලිම් ඡන්දවලින්.. මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු - හිස්බුල්ලා

දිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවගේ ඡන්දය නැතිව කිසිවෙකුට මේ රටේ ජනාධිපති විය නොහැකි බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

ජේ ආර් ජයවර්ධනගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා සියලු ජනාධිපතිවරුන් මෙරට බලයට ගෙන ආවේ මුස්ලිම්වරුන් විසින් බවද ඔහු සඳහන් කළේය.

වර්තමාන ජනාධිපතිවරයාට මුස්ලිම් ජනතාව ඡන්දය නොදුන්නේ නම් ඔහුට ජනාධිපති විය නොහැකි වූ බවත් ලක්ෂ 8ක පමණ මුස්ලිම් ජනතාවක් ඔහුට ඡන්දය දුන් බවත් හිටපු ආණ්ඩුකාරයා සඳහන් කළේය.

මුස්ලිම් චන්ද නැතිව ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගත හැකි යැයි ඇතැමුන් ප්‍රකාශ කළ ද මුස්ලිම් ජනතාවගේ ඡන්දය නැතුව කිසිම පුද්ගලයෙකුට ජනාධිපති පුටුවේ අසුන් ගත නොහැකි බව තමන් අභියෝග කරන බවද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad