හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජනාධිපතිවරණ කටයුතු ආරම්භ කිරීමට පෙරාතුව අගෝස්තු 11 වැනිදා පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන දානමය පිංකමකින් සිදු කරන බව වාර්තා වෙයි.
එදින පස්වරුවේ ඒ මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග කියා සිටියේය.
මේ අතර තම ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීනේ ලිපි ලේඛණ 11දාට පෙර ප්‍රසිද්ධ කිරීමටද ගෝටාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබීමෙන් පසු ජය ශ‍්‍රී මහා බෝධිය, දලදා මාලිගාව, මහ නාහිමිවරුන්, කතරගම දේවාලය ඇතුළු ආගමික සිද්ධස්ථාන ගණනාවක් සතියක පමණ කාලයක් තිස්සේ වැද පුරා ගැනීමෙන් පසුව කොළඹට පැමිණ මුල්ම හමුව ලෙස අගරදගුරුතුමන් හමුවීමට නියමිතය.
Saturday, July 27, 2019

Home
ප්රවෘත්ති
ජනාධිපති අපේක්‍ෂක වන්නට පෙර ගෝටාභය දානමය පිංකමක.. ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ ප‍්‍රසිද්ධ කරයි..
ජනාධිපති අපේක්‍ෂක වන්නට පෙර ගෝටාභය දානමය පිංකමක.. ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ ප‍්‍රසිද්ධ කරයි..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment