ජනාධිපති අපේක්‍ෂක තමන් බව රනිල් සජිත්ට කියයි.. සජිත් පිල වියරු වැටී රට පුරා විරෝධතා රැළි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 10, 2019

ජනාධිපති අපේක්‍ෂක තමන් බව රනිල් සජිත්ට කියයි.. සජිත් පිල වියරු වැටී රට පුරා විරෝධතා රැළි..

මීලග ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ තමන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඇමති සජිත් ප්‍රේමදාස මහතාට ඇතැයි වාර්තා වෙයි.

අගමැතිවරයා සමග පැවති සාකච්චාවේදී මේ බව දැන්වූ බව සදහන්ය.

එම තත්වය මත සජිත් හිතවාදී කණ්ඩායම තීරණය කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ඉල්ලා රට පුරා ජනරුලි මාලාවක් පැවැත්වීමටයි.

ඒ අනුව හෙට බදුල්ලේදී එහි මුල්ම ජන රැුළිය පැවැත්වීමට සූදානම් කර ඇත.

ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යලිත් අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන නව සන්ධානය මේ මස අවසන් වීමට කලින් පිහිටුවීමටද සූදානම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad