සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියේ සමාරම්භක රැළිය හෙට (12) බදුල්ලේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට සහභාගී වීම සඳහා පැමිණෙන විට තම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සහතිකය ද රැගෙන පැමිණෙන මෙන් මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය භාරව සිටින හරීන් ප්‍රනාන්දු මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
දුරකථනයෙන් අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී ඇත්තේ ඔහුට එරෙහිව එල්ල කරන මඩ ප්‍රහාරවලට පිළිතුරු දීමේ හොඳම ක්‍රමය එය බවයි.
"ඔයාට විරුද්ධව අමු මඩක් නේ මුං මේ ගහන්නෙ. මේක මුං කියනවා කියනවා කියනවා ඉවරයක් නෑ. මළ වාතයක් වෙනවනෙ. ඒක නිසා මේක අපි පටන් ගනිද්දිම මෙතෙනින්ම ඉවරයක් කරගමු.
හොඳම දේ අපි ඔයාගෙ ඕ ලෙවල් සෙටිෆිකට් එක රටටම පෙන්නන එක. ඔයා බදුල්ලේ එනකොට ඒක අරං එන්න. අපි ඔයාව ජනාධිපති අපේක්ෂකයා කියලා නම් කළාට පස්සෙ, ඔයාගෙ කතාවෙදි ඔයා ඕ ලෙවල් සෙටිෆිකට් එක ස්ටේජ් එකේ ඉඳන් රටටම උස්සලා පෙන්නන්න.
ඕක අපි ෆොටොකොපි ගහලා මීඩියා වලටත් බෙදමු. අපෙ ෆේස්බුක් පේජස් වලත් දාමු. මං ඒ ටික කරවන්නම්. එතකොට උන් හාන්සි. ඉන් පස්සෙ ආයෙ ඔය මඟුල අදින්න උන්ට බෑනෙ" යනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලීම් කර තිබේ.
මෙහිදී ඉතාම කලබලයට පත්ව ඇති සජිත් ප්‍රේමදාස මහතා තමන්ට වෙනත් ඇමතුමක් ලැබෙන බව පවසමින් ඉක්මනින් දුරකථනය විසන්ධි කර ඇති බව සඳහන්.
-lankanewsweb
Saturday, August 10, 2019

හෙට බදුල්ලේ එනකොට O Level සහතිකේ අරන් එන්න - හරීන් සජිත්ගෙන් ඉල්ලයි !
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment