මෛත‍්‍රීගේ සහය ජනපතිට - ගෝටාභයගේ ආණ්ඩුවට 2/3 බලයක් අරන් දෙන බව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 11, 2019

මෛත‍්‍රීගේ සහය ජනපතිට - ගෝටාභයගේ ආණ්ඩුවට 2/3 බලයක් අරන් දෙන බව කියයි

ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව පැවසුවේ අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවති ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවේදිය.

මෙම හමුව (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණි.

එහිදි පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කලේ නව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමා හට ඉදිරියේදි රට සංවර්ධනය කිරිමටත්,සෞභාග්‍යමත් රටක් ගොඩනැගිමටත් ඉදිරි මහ මැතිවරණයෙන් පත්වන නව ආන්ඩුවට ශක්තිමත් තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බවත් එම තුනෙන් දෙකක බලයක් සහිත නව ආණ්ඩුවක් නිර්මාණය කිරිම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදි කැපවී ක්‍රීයා කල යුතු බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ද එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව විවිධ අදහස් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad