දුම්රිය රියැදුරන් දෙදෙනකුට සහ දුම්රිය ආරක්ෂක නිලධාරීන් සිව්දෙනකුට විවේක ගැනීම සඳහා හැටන් සිට නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා වසර තුනක් තිස්සේ ධාවනය කළ දුම්රියක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගත් බව දුම්රිය සේවා රාජ්‍යය ඇමැති සී.බී රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා පසුගියදා හැටන් දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී දුම්රිය ස්ථානයේ ස්ථනාධිපතිවරයාට සහ අදාළ දුම්රිය බලධාරීන්ට එම නියෝගය නිකුත් කළ බවයි මධ්‍යයවේදීන් හමුවේ ප්‍රකාශ කළේ.
දිනපතා කොළඹින් මධ්‍යහන 12.15ට ගමන් ආරම්භ කරන එම මගී ප‍්‍රවාහන දුම්රිය මහනුවර දක්වා ධාවනය කර පසුව මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරනු ලබනවා. ඒ අනුව දිනපතා රාත‍්‍රි 8.30 ට හැටන් දුම්රිය ස්ථානයට ළඟා වන එම මගී ප‍්‍රවාහන දුම්රියේ මැදිරි කිහිපයක් ගලවා හැටන් දුම්රිය ස්ථානයේ ගාල් කර එම දුම්රියේ එන්ජිම සහ ආරක්ෂක නිලධාරීන් ගමන් ගන්නා මැදිරිය පමණක් අමුණාගෙන කිලෝමීටර 50ක් පමණ එපිටින් වූ නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත කිසිඳු දුම්රිය මගියකු ප‍්‍රවාහනය නොකර ධාවනය කර තිබෙනවා.
එසේම නාවලපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය එනජිම ගාල්කර තිබෙන පැය කිහිපයක්ම දුම්රිය එන්ජිම ක‍්‍රියා විරහිත නොකර දුම්රිය ගාල් කර තැබෙන බවත්, ඊට පසු දින එම දුම්රියේ වෙනත් රියැදුරන් දෙදෙනකු සහ ආරක්ෂ නිලධාරීන් කිහිපදෙනකු රාජකාරී සඳහා වාර්තා කර එම දුම්රියේ ගමන් කරන බවට තමන් වෙත පැමිණිලි ගණනාවක් ලැබී තිබූ බවත් දුම්රිය රාජ්‍යය ඇමැති සී.බී රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඒ අනුව දුම්රියේ රියැදුරන් දෙදෙනකුට සහ ආරක්ෂක නිලධාරීන් සිව් දෙනකුට විවේක ගැනීම සඳහා විශාල රාජ්‍යය මුදලක් වැය කරමින් කාලයක් තිස්සේ නාවලපිටිය දක්වා ධාවනය කළ එම දුම්රිය හැටන් දුම්රිය ස්ථානයෙන් ම දිනපතා ගාල් කිරීමට උපදෙස් ලබා දුන් බව සී.බී රත්නායක ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.
Wednesday, December 18, 2019
Home
ප්රවෘත්ති
සේවකයන් 6 දෙනකුට විවේක ගන්න දුම්රියක් අවුරුදු තුනක් හැටන් සිට නාවලපිටියට ගිහින් - විශාල මහජන මුදලක් විනාශ කළ වැඩේ ඇමැති සී.බී. නතර කරයි
සේවකයන් 6 දෙනකුට විවේක ගන්න දුම්රියක් අවුරුදු තුනක් හැටන් සිට නාවලපිටියට ගිහින් - විශාල මහජන මුදලක් විනාශ කළ වැඩේ ඇමැති සී.බී. නතර කරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment