"එක්කො අගමැති අපේක්ෂකත්වය දරමින් මැතිවරණය මෙහෙයවන්න" - එජාප පසුපෙළින් රනිල්ට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 21, 2019

"එක්කො අගමැති අපේක්ෂකත්වය දරමින් මැතිවරණය මෙහෙයවන්න" - එජාප පසුපෙළින් රනිල්ට කියයි

හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට අගමැති අපේක්ෂකත්වය ලබාදී ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අවස්ථාව ලබා නොදුණහොත්, ඒ පිළිබඳ දේශපාලනික වශයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව එම පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කළේ "එක එක්කෙනා විවිධ මත දරන්න පුළුවන්. නමුත් අපිට පේනවා ඉතා පැහැදිළිව.. මැතිවරණයෙන් පසුව සිදු වූ සිදුවීම් එක්ක.. සිරිකොත නියෝජ්‍ය නායකයාට ඉබ්බා දාලා වහලා අවහිර කිරීම් වගේ දේවලුත් එක්ක පක්ෂ නායකත්වයකින් තොරව අගමැති ධූර අපේක්ෂකත්වය නිකම් සිල්ලර කාරණයක් කියන එක. ඒ නිසා මේ කාරණය අපි ගැඹුරින් සාකච්ඡා කරනවා. එහෙම නැතිනම් එතුමන්ටල පුළුවන් පක්ෂ නායකයා විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති අපේක්ෂකත්වය දරමින් මැතිවරණය මෙහෙයවන්න. එතනදි අපි දේශපාලනික වශයෙන් මොකක්ද කරන්නේ කියන එක සාකච්ඡා කරනවා." යනුවෙනි.

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම කැඳවීමට පක්ෂ නායකත්වය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

 

No comments:

Post a Comment

Post Bottom Ad