පාඨලී රිමාන්ඩ් - අත්තඩංගුවට ගත් මොහොතේ රනිල් ඇතුලු මැති ඇමතිවරුන් පාඨලීගේ නිවසට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

පාඨලී රිමාන්ඩ් - අත්තඩංගුවට ගත් මොහොතේ රනිල් ඇතුලු මැති ඇමතිවරුන් පාඨලීගේ නිවසට


නීතිපති උපදෙස් මත ඊයේ(18) සන්ධ්‍යාවේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනුණු අතර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළාය

ඊයේ රාත්‍රී 10.30 ට පමණ මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුර පාදක කරගනිමින් නීතිපති උපදෙස් මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ.

පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත පුවත් ලද සැණින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රණවක මහතාගේ නිවසට පැමිණ සිටි අතර තවත් මැති ඇමතිවරු කිහිපදෙනෙක්ම එහි පැමිණ සිටිනු දක්නට ලැබුණි.




No comments:

Post a Comment

Post Bottom Ad