සංදීප් අනතුරට ලක් කිරීම - රිමාන්ඩ් කළ පාඨලී පසුගිය රජය මන්ත්‍රීවරුන් සිර ගත කළ මැදිරියේම රඳවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

සංදීප් අනතුරට ලක් කිරීම - රිමාන්ඩ් කළ පාඨලී පසුගිය රජය මන්ත්‍රීවරුන් සිර ගත කළ මැදිරියේම රඳවයි !

සංදීප් සම්පත් ගුණවර්ධන නම් තරුණයෙකු රිය අනතුරට ලක් කර පළා ගියා යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තිබෙනවා.

බන්ධනාගාර ආරංචි පවසන්නේ පසුගිය රජය සමයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එවකට විපක්ෂ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු රඳවනු ලැබ සිටියේද පාඨලී චම්පික රණවක දැන් රඳවා සිටින මෙම සිරමැදිරියේම බවය.

පාඨලී චම්පික අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා පොලීසියට ඊයේ උපදෙස් දුන් අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැණුනේ ඊයේ පස්වරුවේයි.

පසුව ඊයේ රාති‍්‍රයේම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර අද (19) දිනය දක්වා ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කෙරුණා.


No comments:

Post a Comment

Post Bottom Ad