අපේ ආණ්ඩුව පළිගන්න නෙවෙයි වැඩ කරන්නයි ආවේ - නාමල් රාජපක්ෂ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

අපේ ආණ්ඩුව පළිගන්න නෙවෙයි වැඩ කරන්නයි ආවේ - නාමල් රාජපක්ෂ

තමන් ආණ්ඩුවක් පිහිටුවූයේ පළිගැනීමට නොව වැඩ කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

"දැන් අපට එක්සත් ජාතික පක්ෂය වගේ අධිකරණයට බලපෑම් කරලා, විශේෂ උසාවි හදාගෙන, එහෙම නැත්නම් විශේෂ පොලිසි හදාගෙන, බොරු චෝදනා නඟලා ඇමතිවරුන්ව මන්ත්‍රීවරුන්ව අත් අඩංගුවට අරගෙන, නිලධාරීන්ව බය කරලා, බොරු සාක්කි හදන්න අපට වුවමනාවක් නෑ. ඒක අපි අවංකවම කියන්න ඕනෙ. 

අපි එදාත් කිව්වා, අදත් අපි කියනවා, අපි පළිගන්න නෙවෙයි අපි වැඩ කරන්න ආවේ. 

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව පිහිටුවලා සතියයි, මතකනෙ. අපේ ගෙදර බල්ලගෙනුත් කට උත්තර ගන්න හැදුවා. හැබැයි අපි එහෙම කරලා නෑනෙ. නේ ?" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පෙරේදා පැවති ජනහමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad