මුස්ලිම් විවාහ වයසද වෙනස් කරමින් විවාහ වීමේ අවම වයස් සීමාව පැනවීමේ කෙටුම්පතක් මැතිසබයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

මුස්ලිම් විවාහ වයසද වෙනස් කරමින් විවාහ වීමේ අවම වයස් සීමාව පැනවීමේ කෙටුම්පතක් මැතිසබයට

ජාති, ආගම්, කුල භේදයකින් තොරව ශ්‍රීලංකාවේ විවාහ වීමේ අවම වයස් සීමාව පැනවීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

පෞද්ගලික  කෙටුම්පතක් ලෙස කෑගල්ල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රිනි තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) විසින් එය ඉදිරිපත් කර තිබේ.

විවාහ වීමේ අවම වයස් සීමාව අවුරුදු 18 ක් වන අතර එම සීමාව සම්පූර්ණ නොකර සිදුකරන විවාහ වලංගු නොවිය යුතු බව කෙටුම්පත මගින් දක්වා ඇත.

කන්ද උඩරට විවාහ හා දික්කසාද නීතිය යටතේ සිදුවන විවාහ හා ඉස්ලාම් ආගම් අදහන තැනැත්තන් අතර සිදුකරන විවාහ ඇතුළු ඕනෑම විවාහයක් මෙම නීතියට යටත් වන බවද එහි දක්වා ඇත.

පසුගිය කාලයේ ලංකාවේ මුස්ලිම්  විවාහ වයස පිළිබද නිසි නීතියක් නොමැතිවීම නිසා ඒ් ගැන විවාද සම්පන්න තත්වයක් පැවති අතර ඒම වයස 18 දක්වා ඉහළ දැමිය යුතකු බවට ඇතැම් මුස්ලිම් සංවිධානද දන්වා සිටින ලදි.

මෙම වයස් සීමාව සම්පූර්ණ කිරීමට පෙර සිදුකරන විවාහ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමටද එමගින් යෝජනා කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad