මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා - වාසු - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 11, 2019

මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා - වාසු

මරිකාව සමඟ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම වත්මන් ආණ්ඩුව විසින් අත්සන් නොකරනු ඇති බව රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

එම ගිවිසුම අත්සන් තබන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන බව ද ඇමැතිවරයා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ එම ගිවිසුම අත්සන් කිරීමට කිසි විටෙක එකඟ නොවන බව ද ඔහු සඳහන් කළේය.

ඩොලර් මිලියන 480ක් වැනි මුදලකට ආන්ඩුව ඇමරිකාව ඉදිරියේ දණ නොනමන බවත් එසේ කටයුතු කරන ලද්දේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව බවත් ඇමතිවරයා කියා සිටියේය.

ජනාධිපති සහ අගමැතිවරයා සමඟ කොළඹදී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.


No comments:

Post a Comment

Post Bottom Ad