මං මහා දේශපේ‍්‍රමියෙක්.. මාව අත්අඩංගුවට ගන්නයි හදන්නේ - චම්පික - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 13, 2019

මං මහා දේශපේ‍්‍රමියෙක්.. මාව අත්අඩංගුවට ගන්නයි හදන්නේ - චම්පික

2016 වසරේ දී සිදු වූ රිය අනතුරක් මූලික කරගෙන තමන් සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීමකට රජය සූදානම් වන බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ තමන් ශ්‍රී ලංකාවේ ඉපිද ජීවත් වී ශ්‍රී ලංකාවේම මිය යන්නට සූදානමින් සිටින දේශප්‍රේමියෙකු බවයි.


අගමැති රනිල් යටතේ වූ යහපාලන ආණ්ඩුව විසින් ස්වාධීන කරන ලද පොලිසිය දේශපාලන පලිගැනීමට යොදා ගැනීමේ සූදානමක් ඇති බව ද ඔහු සඳහන් කර ඇත.

මීට පෙර ද ඇමතිවරයා වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ අදාළ අනතුර වන අවස්ථාවේදී තමන්ගේ දුරකථනය තම නිවසේ තිබූ බව දුරකතන කුලුණු සංඥා පරීක්ෂණවලින් ඔප්පු වූ බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad