ස්විස් කුමන්ත‍්‍රණය මහ මෝඩ වැඩක්.. නම ගෑවුනු එජාප මන්ත‍්‍රී මාධ්‍ය හමුවක් කැදවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 11, 2019

ස්විස් කුමන්ත‍්‍රණය මහ මෝඩ වැඩක්.. නම ගෑවුනු එජාප මන්ත‍්‍රී මාධ්‍ය හමුවක් කැදවයි

ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාව සම්බන්ධ කරගෙන ගොතන ලද කුමන්ත‍්‍රණය කවුරුන් කළත් මහා මෝඩ ක‍්‍රියාවක් බව තමා පිළිගන්නවා යැයි එක්සත් ජාතික පක්‍ෂ කැලණිය හිටපු සංවිධායක බෙවන් පෙරේරා මහතා පැවසීය.

ප‍්‍රශ්නය – මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාව ඔබේ පුතාගේ බිරිඳ කියා කතාවක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

පිළිතුර – මගේ පුතා මාධ්‍යයට කියා තිබෙනවා ඒ කාන්තාව එයාගේ නියෝජිතවරියක් කියලා.

ප‍්‍රශ්නය – එහෙනම් ලොකු සම්බන්ධයක් තියෙනවානේ?

පිළිතුර – කට වැරදිලා කියපු කතාවක්

ප‍්‍රශ්නය – එක්සත් ජාතික පක්‍ෂයේ හැමෝටම කට වරදිනවා. අපි කියන්නේ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව පැහැර ගෙන යෑමේ සිද්ධිය කුමන්ත‍්‍රණයක්.

පිළිතුර – ඔව්. වෙන්ඩ පුළුවන් මේ කුමන්ත‍්‍රණය කවුරු කළත් මහා මෝඩ වැඩක්.

හැබැයි මගේ පුතාගේ බිරිඳ එයා නෙමේ. මම මේ පිළිබඳව මාධ්‍ය හමුවක් තියා කියනවා.

ප‍්‍රශ්නය – එතකොට ඔය ප‍්‍රශ්නය තවත් දුරදිග යයි නේද?

දැන් ඔය කුමන්ත‍්‍රණය සංවිධානය කළ අය පැත්තකට වෙලා ඉන්නවා. ඔබටයි දැන් මේ මඩ නාගන්න වුණේ.

පිළිතුර – ඒක තමයි මං ඔය කුමන්ත‍්‍රණය මහා මෝඩ වැඩක්

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad