ස්විස් එම්බසි සේවිකාව ගිලන් ගුවන් යානයකින් රටින් ගෙනයන්න තරම් රෝගයක් නෑ.. ලිංගික හිංසනයක් සිදුව නෑ - වෛද්‍ය පරීක්‍ෂණයෙන් හෙලිවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 10, 2019

ස්විස් එම්බසි සේවිකාව ගිලන් ගුවන් යානයකින් රටින් ගෙනයන්න තරම් රෝගයක් නෑ.. ලිංගික හිංසනයක් සිදුව නෑ - වෛද්‍ය පරීක්‍ෂණයෙන් හෙලිවෙයි

පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාව අදාල දිනවලදී ශාරීරික වශයෙන් ලිංගික හිංසනයට ලක් වී ඇති බවක් වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වී නැති බව වාර්තා වෙයි.

කාන්තාව අවස්ථා දෙකකදී රහස් පොලිසිය විසින් වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී මේ බව හෙලිව ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

එමෙන්ම ඇය ගිලන් ගුවන් යානාවකින් විදේශ රටකට ගෙන යා යුතු මට්ටමේ කිසිදු රෝගාබිධයක් නැති බවද එහිදී හෙලිව ඇත.

මෑතකදී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණේ මෙම කාන්තාව රෝගීතත්වයෙන් සිටින නිසා පවුල පිටින් ගිලන් ගුවන් රථයකින් ස්විට්සරලන්තයට ගෙන යාමටයි.

නමුත් විදේශ අමාත්‍යංශය කියා සිටියේ ශ්‍රී ලංකාවේ නීතිරීතිවලට අනුකූලව එම කටයුත්ත කළ නොහැකි බවත් ඊට පෙර ඇය එල්ල තරන චෝදනා සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad