මන්ත‍්‍රීවරයෙක් පැහැරගෙන යයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 10, 2019

මන්ත‍්‍රීවරයෙක් පැහැරගෙන යයි - (video)

මාවනැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඊයේ දිනයේ පැහැරගෙන ගොස් ඇති බව මාවනැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

ඊයේ පෙරවරු 10.00 සභාව ආරම්භ වීමට පැමිණි අවස්ථාවේ ජාතික ජනතා පක්ෂයේ මන්ත්‍රී චන්දන රුවන් කුමාර මහතා සභා භූමිට පැමිණෙනවාත් සමඟම පැහැරගැනීම සිදු ව ඇති බව පැමිණිල්ලේ දැක්වෙයි.

පසුව දහවල් 12.00 කට පමණ මන්ත්‍රීවරයා ආසන්න ප්‍රදේශයක දමා ගොස් ඇතැයිද පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති අතර වැඩිදුර පරීක්ෂණ මාවනැල්ල පොලිසිය විසින් සිදු කරයි.

සෙසු මන්ත‍්‍රීවරුන් සදහන් කරන්නේ පැහැර ගැනීමක් සිදුව නැති බවත් අදාල මන්ත‍්‍රීවරයා රැකියාවක් දෙන පොරොන්දුවක් දී ලක්‍ෂ 04ක මුදලක් ලබා ගත් පුද්ගලයෙකු සමග වී මතබේදයක් මත එය සිදුව ඇති බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad