ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගය පරදී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගය පරදී

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එරට කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් වූ දෝෂාභියෝගය ජයග්‍රහණය කර තිබේ.

දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230ක් ලැබී තිබෙන අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 197කි.

සිය බලතළ අනිසි ලෙස භාවිත කිරීම සහ කොංග්‍රසයේ ක්‍රියාවලියට බාධා කිරීම යන චෝදනා මත ජනපති ට්‍රම්ප්ට එරෙහිව මෙම දෝෂාභියෝගය ඉදිරිපත් වූ අතර මෙය සම්මතවීමෙන් පසු එය රිපබ්ලිකන් බලය සහිත සෙනෙට් සභාවට ඉදිරිපත්කිරීම සිදුවේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයෙන් පහකිරීමට නම් එය සෙනෙට් සභාවේ දී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතුය.

ලබන වසරේ තමාට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත ප්‍රභල අපේක්ෂකයෙකුවන ජෝ බයිඩන්, අපකීර්තියට පත්කරකන ලෙස යුක්‍රේනයේ ජනාධිපතිවරයාගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා ඇතැයි අනාවරණය වීම මෙම දෝෂාභියෝගය ගෙන ඒමට මූලික හේතුව විය. එමඟින් තම ප්‍රතිරූපය නංවා ගැනීමට ජනාධිපති ධුරයේ බලය අනිසි ලෙස භාවිත කර ඇතැයි ට්‍රම්ප්ට චෝදනා එල්ලවිය.

No comments:

Post a Comment

Post Bottom Ad