ගාල්ල නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස තමාට ලබාදුන් ස්‌ථාන මාරුව වහාම අවලංගු කර නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධුරයට පත්කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඊයේ (20 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එලෙස නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුගේ පෞද්ගලික සහකාර ලෙස ස්‌ථාන මාරුවීමක් ලබාදීම තමාව තනතුරින් පහත හෙළීමක් වන බවත් එමඟින් පෙන්වා දී තිබූ ශානි අබේසේකර මහතා එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කොට වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 10 ක වන්දියක් අයකර දෙන ලෙසට ද ඉල්ලා තිබිණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්‌පතිවරයා අනිවාර්ය නිවාඩු ගන්වා ඇති පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා හා එහි සාමාජිකයන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්‍ෂවරයා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කොට තිබිණි.
ජනාධිපතිවරණය නිම වී දින කිහිපයකින් එකී ස්‌ථාන මාරුවීම ලබාදීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් වන බව ද සිය පෙත්සමෙන් සඳහන් කර දී තිබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා තමා වැනි පළපුරුදු හා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පෞද්ගලික සහකාර වැනි තනතුරකට පත්කිරීම දේශපාලන පළිගැනීමක් වන බව ද නීතිඥ මංජුල බාලසූරිය මහතා මඟින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර තිබිණි.
– divaina
Saturday, December 21, 2019
මා අත් උදවු කාරයෙක් කරලා.. මගෙන් පලිගන්නවා..- හිටපු CID ලොක්කා ශානි අබේසේකර
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment