ජනාධිපතිවරණයෙන් පසු TNA යාපනයේදී රැස්වෙයි, මහමැතිවරණයට පක්ෂ 3කින් තරඟ කරන්න සූදානමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

ජනාධිපතිවරණයෙන් පසු TNA යාපනයේදී රැස්වෙයි, මහමැතිවරණයට පක්ෂ 3කින් තරඟ කරන්න සූදානමක්

නාධිපතවරණය අවසන් වීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය පළමු වතාවට යාපනයේදී රැස්වී ඉදිරි මහමැතිවරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත වීමෙන් පසුව අද (18) පක්ෂයේ 70 වැනි සංවත්සරයද යාපනයේදී සැමරීමට පියවර ගෙන ඇත.

යාපනය නල්ලූර්හි පිහිටි ඉලංගෙයි වේන්දන් කලා මණ්ඩපයේ දෙමළ ජාතික සන්ධානයේ 70 වැනි සංවත්සරය පැවත්වෙන අතර එය එම පක්ෂ නායක ආර්.සම්පන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වු අතර ඊට සන්ධානයේ සියලුම අපේක්ෂකයින් සහභාගී වී සිටයහ.

මේ අතර ඊයේ (17) දින දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රීක් කාර්යාලයේදී පක්ෂ නායක ආර්.සම්පන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මහමැතිවරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර පසුව මාධ්‍යට අදහස් දක්වමින් පක්ෂ නායකයින් පවසා සිටියේ,

‘‘ඉදිරියේදී පැවත්වෙන් මහ මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය, ප්ලොට්, හා ටෙලෝ පක්ෂ සන්ධානගතව තරඟ කිරීමට නියමිත බවටත් මහමැතිවරණයේදී වැඩිම බලයක් හිමිකරගනිමින් දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීමට ගැටලු විසඳීමට පක්ෂය උපරිමයෙන් කැපවන බවටත්ය.

70 වැනි සංවත්සරය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මහතා, ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා හා ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා, එම්.ඒ.සුමන්තිරන්, ඊ. සර්වනභවන්, එස්. සිවමෝහන්, ශාන්ති ශ්‍රී ස්කන්දරාසා, එස්.ශ්‍රීධරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  ඇතුලු පලාත් සභ හිටපු මැති ඇමති වරු මෙන්ම පක්ෂ ක්‍රිකාරීන් රැසක් සහභාගී වී සිටියහ.

මුලතිව් ශෂිකුමාර්


No comments:

Post a Comment

Post Bottom Ad