ණය ගෙවාගන්න බැරුව පවුලක්ම වස බොයි.. අයෙකු මියගොස් දෙදෙනෙකුට බරපතලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 21, 2020

ණය ගෙවාගන්න බැරුව පවුලක්ම වස බොයි.. අයෙකු මියගොස් දෙදෙනෙකුට බරපතලයි

යාපනය චාවකච්චෙරි පොලිස් වසමට අයත් මට්ටුවිල් චන්ද්‍රපුරම් ප්‍රදේශයේ පවුලක් වසපානය කොට සියදිවි හානිකරගැනීමට ගත් උත්සහයකදී කාන්තාවක් මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

මෙම සිදුවීම එකම පවුලේ මව, දියණිය හා දියණියගේ සැමියා මුහුණ පාඇති අතර වස පානය කිරීමෙන් මයි ගොස් ඇත්තේ මව වන අතර දියණිය හා දියණියගේ සැමියා රෝහල්ගත කොට ඇති අතර ඔවුන්ගේ තත්වයද බරපතල බවට යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැවසීය.

වස පානයෙන් මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි නවරත්නම් විමලේස්වරී නැමති කාන්තාවක් වන අතර අදාල පිරිස් මෙසේ වස පානය කොට සිය දිවි හානි කරගැනීමට හේතු වී ඇත්තේ ණය මුදල් ලබා ගෙන අදාල ණය මුදල් හා පොලී මුදල නියමිත දිනයන්ට ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ඇති වූ සිත් කනස්සල්ල හේතුවෙන් බවට ප්‍රදේශවාසීන් පවසා ඇත.

කෙසේ වෙතත් චාවකච්චේරි පොලීසිය විසින් අදාල සිදුවීම සමබන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad