යහපාලන ඇමතිලගේ ලක්ෂ 28000ක වාහන අතුරුදන්... වාහන සියල්ල රජයට අරගෙන වෙන්දේසි කරන්න – ඇමැති ජානක වක්කුඹුර - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 28, 2020

යහපාලන ඇමතිලගේ ලක්ෂ 28000ක වාහන අතුරුදන්... වාහන සියල්ල රජයට අරගෙන වෙන්දේසි කරන්න – ඇමැති ජානක වක්කුඹුර

රුපියල් ලක්ෂ 28000ක් වැය කැර ඉකුත් ආණ්ඩුව සමයේ ගෙන්වූ වාහන බොහෝමයක් හිටපු ඇමැතිවරු මෙතෙක් බාරදී නැතැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම වාහන රජයට ලබා ගැනීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගත යුතු බවය.
මෙලෙස ජනතා මුදලක් වැය කැර ගෙන්වා ඇති වාහන වෙන්දේසි කළ යුතු බවත් මේවා ගෙන්වූයේ කුමන අරමුණකින්දැයි සොයා බැලිය යුතු බවද රාජ්‍ය අැමැතිවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර විශාල මුදලක් වැය කර ගෙන්වා ඇති වාහන වෙන්දේසි කළ යුතු බව ඇමැති මහින්ද අමරවීර ද මාධ්‍ය වෙත ප්‍රකාශ කෙළේය.


No comments:

Post a Comment

Post Bottom Ad