තවත් 71 ක් කොරෝනා වෛරසයට බිලි ! ලෝක වසංගතයක් විය හැකි බවට WHO අනතුරු අඟවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 24, 2020

තවත් 71 ක් කොරෝනා වෛරසයට බිලි ! ලෝක වසංගතයක් විය හැකි බවට WHO අනතුරු අඟවයි

COVID 19 රෝගය ලෝක ව්‍යාප්ත වසංගත තත්වයක් දක්වා වර්ධනය වියහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එවැනි තත්වයක් ඇතිවීම වලක්වා ගැනීම සඳහා සූදානම් වන ලෙස එම සංවිධානයේ ප්‍රධානියා සියලු රටවලින් ඉල්ලා සිටී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ජිනීවාහිදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටින්නේ COVID 19 වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වලක්වා ගැනීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා බවයි. එය පාලනය කිරීම සඳහා සියලු දෙනාම අවධානය යොමු කළයුතු බවත් සියලු දෙනාගේ සහාය ලබාදිය යුතු බවත් ඔහු අවධාරණය කරනවා.

කෙසේ වෙතත් දැනට පවතින තත්වය අනුව එය වසංගතයක් ලෙස හැඳින්වීමේ අවශ්‍යාතවයක් නොමැති බවත් එහෙත් වසංගතයක් දක්වා වර්ධනය නොවනු ඇතැයි නිශ්චිතව කිව නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ අතර COVID 19 රෝගයට ගොදුරු වීමෙන් මියයන චීන ජාතිකයන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි චීන සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ. අද දිනයේදී මියගොස් ඇති චීන ජාතිකයන් ප්‍රමාණය 71 කි. එය පසුගිය සති දෙකක කාලය තුළ එක් දිනකදී වාර්තා වූ අඩුම අගය වන අතර මේ වනවිට COVID 19 හේතුවෙන් මියගිය සමස්ත පුද්ගලයන්ගේ ප්‍රමානය 2663 කි.

වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇති පුද්ගලයන් 508 දෙනෙකු ඊයේ දිනයේදී සොයාගෙන තිබේ. හුබෙයි පළාතෙන් වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණය 09 ක් වන අතර එය අතිශය සාධනීය තත්වයකි. පසුගිය කාලයේදී වෛරසය ආසාදිතයන් බහුල ලෙස වාර්තා වූ චීනයේ ඇතැම් පළාත්වලින් ඊයේ දිනයේදී ආසාදිතයන් කිසිවෙකුත් වාර්තා වී නොමැත.


No comments:

Post a Comment

Post Bottom Ad