මීගමුව කළපුව සංවර්ධනය කරන මුවාවෙන් සිදුකෙරෙන මහ පරිමාණ වැලි ජාවාරමට එරෙහිව කම්මල්තොට සිට කැපුන්ගොඩ දක්වා ධීවර ප්‍රජාව 24දා දහවල් දූවහන්දිය අසලදී විරෝධතාවක් දක්වන ලදී.
“සංවර්ධනය මුවාවෙන් කරන වැලි ජාවාරම නවත්වනු, කළපුවේ වැලිවලින් ධීවර තොටුපොළවල් සංවර්ධනය කරනු.
මීගමු කළපුව අපේ අම්මා, එය විනාශ නොකරනු” යනුවෙන් සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් එම විරෝධතාකරුවෝ හඬනැඟූහ.
“ධීවර ජනතාවගෙන් අහලා නොවේ කළපුව හෑරීම සිදුකරන්නේ. මේ කළපුව හෑරීම පිටුපස තිබෙන්නේ ලොකු වැලි ජාවාරමක්. අඩි 6ක් යටට හාරනවා. මඩ වැලි, අපද්‍රව්‍ය ඉවත් කරනවා කියලා කළපුවෙන් හොඳ වැලි හාරලා ජාවාරමක් කරනවා. තලාහේන රෝහලේ භූමියට ගෙනගොස් වැලි ගොඩ ගසා රාත්‍රියට වැලි ට්‍රැක්ටරයක් රුපියල් 1500කට හා ටිපර් එකක් රුපියල් 5000කටත් විකුණනවා.
මෝරවල ප්‍රදේශය දැන් ඛාදනය වෙලා තියෙන්නේ. මේ ගොඩදාන වැලිවලින් මෝරවල ප්‍රදේශය පුරවන්න පුළුවන්. ධීවර තොටුපොළවල් සංවර්ධනය කරන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ. වහාම මෙය නතර කරන්න” යැයි විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
24දා දිනදී දැනට කළපුවෙන් ගොඩට දමා ඇති වැලි ප්‍රවාහනය නොකරන බවට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් පොරොන්දු වී සාකච්ඡාවක් කර තීරණයක් ගැනීමට දෙපාර්ශ්වය එකඟ විය. විරෝධතාකරුවන් සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතර මෙම අවස්ථාවේදී තරමක උණුසුම් ස්වභාවයකින් වචන හුවමාරු විය.
ජාතික ජන අවබෝධ කේන්ද්‍රය නියෝජනය කරමින් සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු කතෝලික පියවරුද, කන්‍යා සොහොරියන්ද, ව්‍යාපෘති භාර නේවාසික ඉන්ජිනේරු මධුරංග ප්‍රේමලාල් මහතාද, ගම්පහ දිස්ත්‍රික් සහකාර ධීවර අධ්‍යක්ෂ රංජිත් බණ්ඩාර මහතාද මේ අවස්ථාවට එක්ව විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කළහ.
කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියෝ විරෝධතාවට සහාය පළ කිරීමට පැමිණ සිටියහ.\
නිමන්ති ප්‍රනාන්දු
බර්ටි වීරසිංහ
Tuesday, February 25, 2020
Home
ප්රවෘත්ති
මීගමු කලපුව සංවර්ධනය කරන මුවාවෙන් කරන අලුත්ම ජාවාරම මෙන්න - යලිත් කලපු පරිසරය විනාශයි
මීගමු කලපුව සංවර්ධනය කරන මුවාවෙන් කරන අලුත්ම ජාවාරම මෙන්න - යලිත් කලපු පරිසරය විනාශයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment