එජාප ආණ්ඩුවක් හදන්න ආසන 90ක් ගත්තාම ඇති... සුළු පක්ෂ එක්ක අප්‍රේල් මාසේ අලුත් ආණ්ඩුවක් හදනවා – අකිල - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 24, 2020

එජාප ආණ්ඩුවක් හදන්න ආසන 90ක් ගත්තාම ඇති... සුළු පක්ෂ එක්ක අප්‍රේල් මාසේ අලුත් ආණ්ඩුවක් හදනවා – අකිල

ළඹෙන මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීම ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසයි.
සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

“මේ ආණ්ඩුව හරි දක්‍ෂයි අපි හදපුවා විවෘත කරන්න. ඒකට හොඳම උදාහරණය අපේ ආණ්ඩුව වැඩ කටයුතු කරගෙන ගිය අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා කොටස මේ ආණ්ඩුවෙන් ඊයේ විවෘත කළා. ඒ වගේම මං වැඩකටයුතු ආරම්භ කරපු ආනන්ද විදුහලේ සත් මහල් ගොඩනැගිල්ල ඒ අය හැදුවා වගේ ගිහින් විවෘත කළා. 2015 අපේ කිරිඇල්ල මන්ත්‍රීතුමා විවෘත කිරීමකට ගියාම ඒ කාලේ ඒ අය ඇවිත් ඒකට බාධා කළා. නමුත් අපි එහෙම කරන්නේ නෑ.

මේ තියෙන්නේ වැඩි කාලයක් යන ආණ්ඩුවක් නෙමෙයි. මේ රජය පිරිහිලා අවසන්. ජාත්‍යන්තරයේ වුණත් ප්‍රසාදයක් නැති බව පේනවා මේ ආණ්ඩුව ගැන. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා. ඒකට වැඩි ආසන ගාණක් ගන්න ඕන නෑ.

අපි ආසන 90ක් ගත්තත් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන්කම තියෙනවා. අපි එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ, අනෙකුත් සුළු පක්‍ෂ සමග එකතු වෙලා ආණ්ඩුවක් හදනවා. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න. ඔබ බුද්ධිමත්ව, තර්කානුකූලව හිතලා තීරණයක් ගන්න කියන ඉල්ලීම කරනවා”


No comments:

Post a Comment

Post Bottom Ad