ජනාධිපතිගේ තීන්දුවකට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 25, 2020

ජනාධිපතිගේ තීන්දුවකට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.

ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි 22දා ගැසට්පත්‍රය මගින් පත් කරන ලද පරීක්ෂණ කොමිසම නීති විරෝධී බව එමඟින් ඔහු සඳහන් කරයි.

එම කොමිසම පත් කරන ලද්දේ යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන හිංසනය සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය කිරීම සඳහායි.

මෙම පරීක්ෂණ කොමිසම විසින් අදාළ ගැසට් පත්‍රයේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා දරන ඕනෑම උත්සාහයක් ව්‍යවස්ථා විරෝධී බවයි බවත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සමෙන් කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad