මංගලට රාජද්‍රෝහී චෝදනා.. අත්අඩංගුවට ගන්නැයි කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 25, 2020

මංගලට රාජද්‍රෝහී චෝදනා.. අත්අඩංගුවට ගන්නැයි කියයි

හිටපු ඇමැති මංගල සමරවීර මහතා රාජ්‍ය ද්‍රෝහී චෝදනා යටතේ අත්අඩංගුවට ගත යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරන්නේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සලයේ 30-1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම නීතිවිරෝධී බවත් එවන් කටයුත්තකට මංගල සමරවීර මහතාට කිසිලෙසකින් බලය පවරා නොතිබූ බවත්ය.
ඒ හේතුවෙන් රාජද්‍රෝහී චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගතයුතු බවද මුසම්මිල් මහතා සඳහන් කළේය.

පිට කෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad